Wednesday, November 8, 2017

Whatsapp එකටත් පොපප් වෙන චැට් හෙඩ් එකක්...


ඔයාල දැකල ඇතිනේ අපිට facebook messenger එකේදී කවුරුහරි අලුතෙන් message එකක් එවනවනම් එය Chat head එකක් විදිහට අපේ ෆෝන් එකේ තිරය මත පෙන්වනවා කියලා.


නමුත් අපි භාවිතා කරන Whatsapp එකට තවමත් මෙම පහසුකම දීලා නෑ. අද අපි කතාකරන්න යන්නේ මේ වගේ Pop up වෙන chat head එකක් අපේ whatsapp එකට දාගන්නේ කොහොමද කියලා. ඇත්තටම ඉතාමත් සරල පියවර කිහිපයකින් අපේ whatsapp එකටත් මෙම විදිහට chat head එකක් දාගන්න පුලුවන්.

ඉස්සෙල්ලම Play store එකට ගිහින් Dashdow What App කියන ඇප් එක ඔයාගෙ ෆෝන් එකට install කරගන්න.


Dashdow What App  කියන ඇප් එක මෙතැනින් Download කරගන්න.

දැන් ඇප් එක Open කරගෙන කැමති පරිදි පහතින් පෙන්වලා තියෙන විදිහට Notification වෙනස් කරගන්න. මම නම් සියල්ලටම ටික් එක යොදා Active කරගෙන තියෙන්නේ.


ඊළඟට Notificationaccess කියන එකට ටික් එක දාගන්න.


දැන් ඔබට මේවගේ Menu එකක් දැකගන්න ලැබේවි. එහි Dashdow for Whatsapp කියන එකට මේ විදිහට ටික් එක දාගන්න.


ඉන්පසුව පහත පරිදි Message එකක් දක්නට ලැබේවි. එය Ok කරන්න.


දැන් මෙවැනි තව Message එකක් දක්නට ලැබේවි. එයත් Ok කරන්න.


දැන් ඔබේ ඇප් එකෙහි Notificationacess කියන එකට පහත පරිදි ටික් එකක් වැටි එය Active වී තිබිය යුතුයි.


දැන් ඔබ සාර්ථකව මෙම ඇප් එක install කරගෙන අවසන්. දැන් ඔබට whatsapp messages එනවිට පහත පරිදි chat head එකක් ලෙස ඔබේ දුරකතනයේ තිරය මත එය Pop up වේවි.



Whatsapp වල රහස් රැසක්...



   Whatsapp කියන්නේ ලෝකයේ බොහෝ දෙනා ඉතා තදින් වැළඳ ගත්ත ඉතා හොඳ Chat ඇප් එකක්. මුලදී අපිට whatsapp එක නොමිලේ භාවිතා කිරීමට අවසර දුන් කාලය අවුරුද්දක්. ඉන් පසුව එම සේවාව ලබා ගැනීම සඳහා whatsapp ආයතනයට යම් ගෙවීමක් සිදුකල යුතුව තිබුනා. නමුත් මෙම whatsapp සමාගම facebook සමාගම විසින් විසින් මෑතකදී මිලදී ගැනීමෙන් පසුව අපිට මෙම whatsapp භාවිතය දිගටම නොමිලේ ලබාගැනීමට අවස්ථාව සැලසුනා. ලොවපුරා බිලියනයකටත් අධික ජනතාවක් මෙම whatsapp දිනපතා භාවිතා කරනවා. එමෙන්ම බිලියන පහකටත් අධික messages ප්‍රමාණයක් එකිනෙකා අතර හුවමාරු වෙනවා. ඉතින් අද අපි කතාකරන්න යන්නේ මේ ජනප්‍රිය whatsapp එකේ තියෙන ගොඩක් අය නොදන්න  cool tricks කිහිපයක්.

Bold අකුරු හෙවත් තද අකුරු ලියමු.

Bold කිරීමට අවශ්‍ය වචනය දෙපසට පහතින් පෙන්වා ඇති පරිදි * ලකුණ නොහොත් Asterisk සංකේතය යොදන්න.


ඇල අකුරු හෙවත් Italic අකුරු ලියමු.

Italic කිරීමට අවශ්‍ය වචනය දෙපසට පහතින් පෙන්වා ඇති පරිදි _ ලකුණ නොහොත් Underscore සංකේතය යොදන්න.


තද අකුරු ඇල කර ලිවිම.

Bold,Italic කිරීමට අවශ්‍ය වචනය දෙපසට පහතින් පෙන්වා ඇති පරිදි _* ලකුණ නොහොත් Underscore හා Asterisk සංකේතය යොදන්න.


කපාහරිනලද අකුරු හෙවත් Strikethrough text ලිවිම.

කපහරිනලද අකුරු ලිවීමට අවශ්‍ය වචනය දෙපසට පහතින් පෙන්වා ඇති පරිදි ~ ලකුණ නොහොත් tilde සංකේතය යොදන්න.


ටයිප් රයිටරයකින් ටයිප් වෙන ආකාරයේ හැඩය ඇති අකුරු ලිවිම.

මෙවැනි වෙනස් හැඩය ඇති අකුරු ලිවීමට අවශ්‍ය වචනය දෙපසට පහතින් පෙන්වා ඇති පරිදි ` ලකුණ නොහොත් grave accent සංකේතය තෙවරක් යොදන්න.


Animated Heart emoji එකක් යැවීම.

මේ සඳහා පහත පෙන්වා ඇති රතු පැහැති heart එක වෙන කිසියම් අකුරක්, වචනයක් හෝ emoji එකක් සම්බන්ධ නොකර තනිවම යවන්න.



Specific Message Reply එකක් හෙවත් අදාල message එකට අදාල Reply එක වෙන වෙනම යැවීම.

පහත රූපයේ පෙන්වා ඇති පරිදි  අදාල message එක මත long press කරගෙන සිටින විට ඉහලින් පෙන්වන back arrow සලකුණ click කර අදාල message එක ටයිප් කර send කරන්න.


whatsapp එක හරහා Photo edit කර යැවීම.

ඔබ කැමරාව භාවිතයෙන් මේ මොහොතේ ලබාගත් ඡායාරූපයක් හෝ දැනට ෆෝන් gallery එකෙහි save කර පවතින image එකක් මෙලෙස edit කල හැකියි. උදාහරණයක් ලෙස gallery එකේ පවතින image එකක් whatsapp හරහා edit කර send කරන ආකාරය අපි බලමු.

පළමුව camera සලකුණ click කරන්න.


ගැලරියෙන් කැමති image එකක් තෝරාගන්න.


දැන් ඉහලින් පෙන්වන smile face එක click කර කැමති emoji එකක් තෝරාගන්න.



දකුණු පස ඇති වර්ණ තීරුව භාවිතා කර කැමති පරිදි emoji එකේ පාට වෙනස් කරගන්න.


ඉහලින් ඇති T සලකුණ click කර කැමති විදිහට අකුරු type කර කැමති පරිදි වර්ණ වෙනස් කරගන්න.


දැන් Send කරන්න.



GIF image එකක් යැවීම.

smile face එක මත click කරන්න.


GIF අයිකනය click කරන්න.


කැමති GIF ඇනිමේෂන් එක තෝරා යවන්න.



Broadcast list භාවිතයෙන්  message යැවීම.

  මෙමඟින් ඔබට එකම පණිවිඩයක් කිහිප දෙනෙක් අතරේ එකවිට යවන්න පුලුවන්. නමුත් මෙහිදී අපිට group එකක් නිර්මාණයකර ඒකට දාන message එකකට group එකෙන්ම reply කරනවා වගේ එකෙන්ම reply කිරීමට හැකියාවක් message එක ලබුණු අයට නෑ.. මේ ක්‍රමයේදී message එක ලැබුන සියලු පාර්ශවයන්ට එයාලගේ chat box එක හරහා පෞද්ගලිකව එම මැසේජ් එක එවපු පුද්ගලයා සම්බන්ධ කරගන්න පුලුවන්. මෙම ක්‍රමයෙන් message යැවීම ඔබ මම email යැවීමේදී Blind carbon copy හෙවත් Bcc භාවිතා කරනවා වගේ වැඩක්. මෙහිදී අනෙක් අයට බලාගන්න බැහැ ඔයා තව කාටද මේ message එක යැව්වේ කියලා.

පළමුව මෙම තිත් තුන සහිත සලකුණ click කරන්න.


දැන් New broadcast කියන එක click කර අවශ්‍ය පුද්ගලයින් තෝරා  ඔබගේ message එක යවන්න.


කැමතිම කෙනා Chat list එකේ උඩින්ම තබාගැනීම ( Pin කරගැනීම )

  අපිට වෙනත් අයගෙන් අලුතෙන් messages එන විට ඊට කලින් Chat කරපු කෙනා ඉබේටම ලිස්ට් එකේ පහලට යනවනේ. නමුත් අපි කැමතිම කෙනා list එකේ උඩින්ම හැමදාටම තියාගන්න මේ ක්‍රමයෙන් පුලුවන්.

අපිට Pin කරගැනීමට අවශ්‍ය කෙනා chat list එකෙන් තෝරාගෙන long press කරගෙන ඉන්න. එවිට පහත රුපයේ පරිදි ඉහලින් පෙන්වන Pin සලකුණ click කරන්න.


දැන් ඔබට පහත පරිදි Pin සලකුණ සමඟ එය List එකේ ඉහලින්ම ඇති අයුරු දිස්වේවි. ඕනෑම විටක ඔබට මෙය Unpin කරගැනීමේ හැකියාව තියෙනවා.


වැදගත් පණිවිඩ Save කිරීම.

ඔබට Save කිරීමට අවශ්‍ය පණිවිඩය මත Long Press කරන්න. ඉන්පසු ඉහලින් දිස් වන තරු ලකුණ Click කර එම පණිවිඩය Save කරගන්න.



ඔබ මෙලෙස Save කරගත් සියලු messages නැරඹීම සඳහා පහතින් පෙන්වා ඇති ත්‍රීඩොට් අයිකනය මත Click කරන්න.


Starred messages යන්න තෝරන්න.


එවිට ඔබට පහත පරිදි ඔබ විසින් Save කරගත් සියලු messages එකම තැනකින් නැරඹීමට හැකියි.


පින්තුරයක ඇති ගුණාත්මක භාවයට හානි නොවන සේ එම පින්තුරය එම Quality එකෙන්ම යවන හැටි.

  අපි කෙනෙකුට පිතුරයක් යවන විට එහි Quality එක අඩුවෙලානේ අනෙක් කෙනාට යන්නේ. දැන් මේ කියලා දෙන විදිහට පින්තුරයක් යවන විට එහි ගුණාත්මකභාවය කිසිම විදිහකින් අඩුවෙන්නේ නෑ.

1. Attachment සලකුණ උඩ Click කරන්න.
2. Document කියන එක තෝරන්න.
3. ඉන්පසුව එන list එකෙන් images කියන එක තෝරන්න.



4. දැන් Gallery එකට ගොස් යැවීමට අවශ්‍ය පින්තුරය තෝරන්න.
5. දැන් Send කරන්න.
6. දැන් ඔබ තෝරාගත් පින්තුරය එම ගුණාත්මක භාවයෙන් යුක්තවම Send වුන බව මේ විදිහට පෙන්නාවි.


Data Use කරපු විදිහ බලමු.

  අපි Whatsapp එකේ Data භාවිතා කර ඇති ආකාරය ගැන සවිස්තරාත්මක වාර්තාවක් මේ විදිහට බලාගන්න පුලුවන්.

Settings වලට යන්න.


Data usage තෝරන්න.

Network usage තෝරන්න.

දැන් ඔබට මේ ආකාරයට ඔබ Data භාවිතා කර ඇති අන්දම බලාගන්න පුලුවන්.


Message එකක් ගියපු වෙලාව සහ අනෙක් කෙනා එය නරඹපු වෙලාව සොයාගන්න හැටි.

අපිට අවශ්‍ය message එක මත long press කරගෙන ඉන්න.දැන් ඔබට ඉහලින් මෙවැනි icon එකක් දක්නට ලැබේවි. දැන් එය click කරන්න.


ඉන්පසුව ඔබට මෙලෙස අවශ්‍ය කල තොරතුරු දැකගන්න පුලුවන්..


Last Seen පෙන්වන එක ඉවත් කිරීම.

Settings වලට යන්න.


Account කියන එක තෝරන්න.

 

Privacy තෝරන්න.


Last Seen තෝරන්න.


Nobody කියන එක තෝරන්න.


Chat එක Backup කරගන්න හැටි.

Settings වලට යන්න.


Chats කියන එක තෝරන්න.


Chat backup තෝරන්න.


දැන් ඔබට දිස් වෙන මෙනුවෙන් බැකප් එක සිදුවිය යුත්තේ ඔබට අවශ්‍ය වෙලාවටද?, දිනපතාද?,සතිපතාද?,මාසිකවද? යන්න තෝරන්න.


ඊළඟට Account කියන එක තෝරන්න.


දැන් ඔබට Chat එක Back up කරගැනීමට අවශ්‍ය  Google ගිණුම ලබාදෙන්න.


ඉන්පසුව Back up over කියන එක තෝරන්න.


ඔබට Back up එක සිදුකරගැනීමට අවශ්‍ය Network Connection එක තෝරන්න.


දැන් පහත රුපයේ පෙන්වා ඇති පරිදි Back up යන්න මත Click කර ඔබට අවශ්‍ය Back up එක සිදුකරගන්න.













Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Best Web Host