Wednesday, December 21, 2016

Power bank එකෙන් ඔයගෙ Phone එක Charge කරන්න පුලුවන් වාර ගණන හරියටම දැනගනිමු.


 අද මම කියල දෙන්න යන්නේ Power bank එකක් පාවිච්චි කරන කෙනෙකුට ගොඩක් වන දෙයක්. කෙනෙක්ට හිතෙන්න පුලුවන් මේක කියල දෙන්නත් දෙයක්ද .. Power bank එකේ ධාරිතාව දුරකතනයේ Battery එකේ ධාරිතාවයෙන් බෙදුවම එන උත්තරේ තමයි එක Charge කරන්න පුලුවන් වර ගණන කියලා. අපි ඒක උදාහරණයක් විදිහට බලමු.

  • මේ තියෙන්නේ ඔයාගෙ Power bank එකේ ධාරිතාවය.. ඒක 16000 mAh යි.
  • මේ තියෙන්නෙ ඔයාගෙ Phone එකේ Battery එකේ ධාරිතාවය. ඒක 1500 mAh යි.
 දැන් සාමාන්‍ය විදිහට Phone එක Charge කරන්න පුලුවන් වාර ගණන අපි හොයන්නෙ මේ විදිහට නේ.... 
 Power bank එකේ ධාරිතාවය / දුරකතනයේ Battery එකේ ධාරිතාවය = ආරෝපණය කළ හැකි වාර ගණන 

16000 / 1500 = 10.66

අපිට ලැබෙන පිළිතුර අනුව වාර 10 හමාරක් අපේ දුරකතනය අපිට ආරෝපණය කරගන්න පුලුවන්.

ඇත්තටම මේ පිළිතුර නිවැරදිද?  Power bank ගැන හිතන්න ඕනි නෑ.. නිකමට හිතන්න අපේ දුරකථනයේ බැටරිය ගැන. Phone Battery එක සම්පුර්ණයෙන් Charge කරල කතාකරන්නෙ නැතිව දවස් තුන හතරක් නිකන් තියල තිබ්බත් ඕකේ Charge එක ටිකක් බහිනවනේ.. ඒමොකද? දුරකථනයේ ඇති පරිපථ කොටස්වල ක්‍රියාකාරිත්වයට අවශ්‍ය බලය ලබාගන්නෙ ඔය බැටරියෙන් නිසා..
ඔය කාරණේම තමයි ඉතින් අපේ Power Bank එකටත්.. ඒකෙ පරිපථ කොටස්වල ක්‍රියාකාරිත්වයට අවශ්‍ය බලය ලබගන්නෙත් ඔය 16000 mAh කියල ගහපු බැටරියෙන්ම තමයි. ඒක නිසා ඉහත දී අපි ලබාගත් පිළිතුර අපිට ලැබෙන්නෙ නෑ කියල මේක පාවිච්චි කරන අය අත්දැකීමෙන්ම දන්නවා.   
 එහෙමනම් කොහොමද? හරියටම Charge කරගන්න පුලුවන් වාර ගණන ගණනය කරන්නේ.. ඒකට අපිට තියෙනවා පොඩි ගණිත සූත්‍රයක් හරිම සරලයි.

( 3.7 *  Power bank එකේ ධාරිතාවය ) / 5 =  Power bank එකේ ධාරිතාවයෙන් අපට භාවිතා කළ හැකි                                                                              ආරෝපණ ප්‍රමාණය 

Power bank එකේ ධාරිතාවයෙන් අපට භාවිතා කළ හැකි / දුරකථන Battery        = ආරෝපණය කළ හැකි    ආරෝපණ ප්‍රමාණය                                                 ආරෝපණ ප්‍රමාණය       වාර ගණන 

දැන් අපි උදාහරණ වලින් බලමු. 

01).  16000 mAh ධාරිතාවය සහිත Power bank එකකින් 1500 mAh ක ධාරිතාවයකින් යුතු දුරකථන බැටරියක් ආරෝපණය කළ හැකි වාර ගණන සෙවීම.

( 3.7 *  Power bank එකේ ධාරිතාවය ) / 5 =  Power bank එකේ ධාරිතාවයෙන් අපට භාවිතා කළ හැකි                                                                              ආරෝපණ ප්‍රමාණය 
( 3.7 * 16000 mAh ) / 5  = 11840 mAh 

මෙහිදී අපිට Power bank එකෙන් සත්‍ය වශයෙන් ආරෝපණ 11840 mAh ක් භාවිතා කළ හැකියි. 

Power bank එකේ ධාරිතාවයෙන් අපට භාවිතා කළ හැකි / දුරකථන Battery      = ආරෝපණය කළ හැකි    
ආරෝපණ ප්‍රමාණය                                                        ආරෝපණ ප්‍රමාණය       වාර ගණන 

 11840 mAh / 1500 mAh  = 7.89

මෙහිදී වාර 7.89 ක් අපිට පහසු විදිහට කිව්වොත් වාර 7 හමාරක් අපේ දුරකථනය Charge කරගන්න පුලුවන්.

02).   20000 mAh ධාරිතාවය සහිත Power bank එකකින් 2500 mAh ක ධාරිතාවයකින් යුතු දුරකථන බැටරියක් ආරෝපණය කළ හැකි වාර ගණන සෙවීම.

( 3.7 * 20000 mAh ) / 5  = 14800 mAh 

14800 mAh / 2500 mAh  = 5.92

මෙහිදී වාර 5.92 ක් ආසන්න වශයෙන් වාර 6 ක් අපේ දුරකථනය Charge කරගන්න පුලුවන්.

දැන් ඔයාලට මේ විදිහට Power bank එකේ ධාරිතාව සහ  ඔයාගේ දුරකථන Battery යේ  ධාරිතාවය භාවිතා කරල Phone එක Charge කල හැකි වාරගණන සොයාගන්න පුලුවන්..   


                                                                          

Thursday, December 1, 2016

O/L සහ A/L විභාග ප්‍රතිඵල Android Phone එකෙන් බලමු.


   ඔබට අවශ්‍ය O/L සහ A/L විභාග ප්‍රතිඵල ලබාගැනීම සඳහා Play Store වෙත පිවිස Exam Results G.C.E (O/L,A/L ) යනුවෙන් Type කර එම ඇප් එක වෙත පිවිස ඔබේ දුරකතනයට Install කරගන්න.

මෙතනින් පිවිස Download කරගන්න.





Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Best Web Host