අපි ඔයාලට කලින් Post එකකදි කියල දුන්නා මතක ඇති Root කරනවා කියන්නෙ මොකක්ද? Root කිරීමේ වාසි මොනවද? අවාසි මොනවද? වගේ කරුණු කාරණා ටිකක්. Root කරන්න කලින් මෙතැනින් ඒ ටික නැවත ඉගෙනගන්න.
සැළකිය යුතුයි - මම මෙහිදී කියල දීල තියෙන අනුපිළිවෙලටම කරන්න.ඔන්න පණ්ඩිත වැඩ කරලා වැඩේ අවුල් කරගන්නනම් එපා. මේකෙදි ගොඩක් පරිස්සමින් කරන්න. මේකෙදි වරද්ද ගත්තොත් Phone එක Brick වීමේ අවධානමක් තියෙනව වගේම හොඳට දුරකථනය On වුනත් විවිධ Software දෝෂ මතුවෙන්න පුලුවන්.
- මුලින්ම iRoot Software එක (මෙතැනින් Download කරගන්න.)
- දැන් ඒය පරිගණකයේ Install කරගන්න.
මුලින්ම Phone එකේ බැටරිය 60% ක් වත් Charge කරගෙන ඉන්න.
Developer options කියන එක Phone එකේ තවම නැත්නම් එක මේ විදිහට හදාගන්න.
Settings >> About device >> Build number කියන එකට ගොස් Build number කියන එක උඩ හත් අට සැරයක් එක දිගට තට්ටු කර කර ඉන්න.
දැන් අපහු සැරයක් Settings වලට ගියාම කලින් හමු නොවුනු Developer options කියන එක දැන් දකින්නට ලැබේවි.
දැන් කෝකටත් කියල Phone එකේ Settings >> Security වලට ගිහිල්ලා ඒකෙ තියෙන Unknown sources කියන එකටත් Tick එකක් දාගෙන ඉන්න.
ඔන්න දැන් තමයි හරියටම වැඩේ පටන් ගන්න යන්නේ...
- මුලින්ම කොහොමද කරන්නේ කියල( මේ Video එකත් බලලම ඉන්න.)
- Computer එකේ Data ON කරලා තියාගන්න.
- මුලින්ම iRoot සොෆ්ට්වෙයාර් එක ඔයාලගේ පරිගණකයේ Run කරවන්න.
- ඊට පස්සෙ Root කරන්න අවශ්‍ය ඔයාගේ දුරකථනය USB Cable එක මගින් Computer එකට සම්බන්ධ කරගන්න.
- දැන් දුරකථනයේ තිරය මත මේ වගේ Message එකක් ආවොතින් ඒක OK කරන්න.
- දැන් iRoot Software එකෙන් Phone එකට අදාළ Drivers ඉබේම Download වේවි. මෙන්න මේ වගේ....
- Drivers ඔයාගේ පරිගණකයට Install උනාට පස්සෙ iRoot එක මගින් ඔයාගේ දුරකථන වර්ගය හඳුනාගනීවි . ඒ වගේම පහළ කෙලවරට වන්න Root කියල බොත්තමකුත් අලුතින් පෙන්නාවි.
- දැන් ඉතින් තියෙන්නෙ ඔය Root කියන එක ඔබල Root වෙනකම් බලන් ඉන්න එක. Root වෙන කාලසීමාව රඳාපවතින්නේ ඔයාලගේ Internet Connection එකේ Speed එක මත.
- Root උනාට පස්සෙ එක සැරයක් Automatically Restart වේවි.
( අවධානයට :- Root වෙන අතරතුරේදී ඔය USB Cable එකට Phone එකට නිකන් ඉන්න නිසා කම්මැලිකමට අනං මනං කරන්න යන්නෙපා.. Phone එක Disconnect වෙන්න පුලුවන්. )
හරියටම Root උනාද කියල බලාගන්නේ කොහොමද?
දැන් Phone එකේ හොදට බලන්න SuperSU මේ වගේ App එකක් ලැබිල තියෙනවද කියලා..
මේ වගේ App එකක් වෙන්නත් පුලුවන්.
App එකේ හැඩය වැදගත් නෑ.. මොනවහරි SuperSU කියන App එකක් තියෙනවා කියන්නේ ඔයාගේ Phone එක Root වෙලා.
එත් නිකන් හිතට මදි වගේ නම් ... ආපහු ඔයාල අර කලින් භාවිතා කරපු iRoot කියන Software එක කලින් විදිහටම Computer එකට සම්බන්ධ කරන්න. දැන් ඔයාලගේ Phone එක Root වෙලානම් මේ විදිහට පෙන්නාවි.
පහසුම විදිහ දැන් තමයි කියල දෙන්නේ...
- යන්න Play store, ගන්න Root Checker කියන App එක.
- Play store යන්න කම්මැලියි නම් එක (මෙතනින් ගන්න.)
මේ විදිහට Superuser Request අවොතින් ඒක මේ පෙන්නල තියෙන විදිහට Grant කරන්න.
දැන් Verify Root Status කියන එක Click කරන්න.
ඔයාලගේ දුරකථනය දැනටමත් Root වෙලා නම් මෙන්න මේ විදිහට පෙන්නාවි..