Tuesday, March 15, 2016

මොනවද මේ රූට් කරනවා කියන්නේ...



කෙටියෙන්ම කිව්වොත් Root කරනවා කියන්නේ දුරකථනයේ සියලුම පාලන ක්‍රියා තමන්ගේ යටතට ගැනීම. ඒක ටිකක් අපැහැදිළි නම් මෙහෙම කියන්නම්. ඔයාල Internet Cafe වලට එහෙම ගිහින් ඇතිනේ, හොදට බැලුවනම් ඔයාලට පෙනෙයි ඒ Computers වල පොඩි අමුත්තක්.. ඒ Computers වල තියෙන්නෙ  Guest Account එකක් නිසා දාල තියෙන වැඩසටහන් වලින් එක්තරා සීමාවක් ඇතුලෙ වැඩ කරනවා මිසක් වෙන කිසිම Account එකක් එකතුකරන්න තියෙන Account එකක් අයින් කරන්න වගේ කිසිම දෙයක් කරන්න බැහැ. එත් අපි පාවිච්චිකරන ගෙදර Computer එක එහෙම නැනේ. Account එකක් එකතුකරන්න, අයින් කරන්න ඕන දෙයක් ඕනවෙලාවක සිමාවක් නැතිව කරගන්න පුලුවන්. මොකද එකෙ භාවිතා කරන්නෙ Administer Account එකක් නිසා. මේ සංකල්පයමයි Android දුරකථන වලත් තියෙන්නේ. Computer එකක Administer බලතල ලැබුනම ඕනි දෙයක් කරන්න පුළුවන් වගේ දුරකථනයක Super User  බලතල ලැබුනම ඕන දෙයක් කරන්න පුළුවන්.
දැන් පැහැදිළියි නේ.. Root කරනවා කියන්නේ Guest කියන  තත්වයෙන් මිදිලා Administer කියන තත්වයට දුරකථනය පත් කරගන්න එක. නමුත් දුරකථන වලදි භාවිතා වෙන්නෙ Administer බලතල කියන වචනය වෙනුවට Super User බලතල කියන වචනය.


Root කලාම මොනවද කරන්න පුලුවන්...


එකී මෙකී නොකී සෑම දෙයක්ම කරන්න පුළුවන්. පහළින් අපිට ලැබෙන වාසි කිහිපයක් විතරක් පෙළගස්වන්නම්.


  • දුරකථනයේ සිංහල පෙනෙන්නේ නැත්නම් සිංහල පෙනෙන විදිහට හදාගන්න පුලුවන්.
  • Custom Rom දාගන්න පුලුවන්.
  • අනවශ්‍ය Apps නොහොත් Bloatware Apps ඉවත් කරන්න පුලුවන්.
  • Titanium Backup වගේ Application එකකින් දුරකථනය ගැඹුරින්ම Backup කරගන්න පුලුවන්.
  • System Files කැමති විදිහට Edit කරගන්න පුලුවන්.    
උදාහරණයක් :- ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි කාලයක් යනකොට Play Store එකට යන්න බෑ. පහළින් පෙන්නල තියෙනවා වගේ Error එකක් එනවා.

 Root නැති දුරකථනයකින් මේක හදාගන්න අපිට කරන්න පුලුවන් වෙන්නෙ Phone එකේ Date සහ Time සැකසීම, Clear Cache කිරීම එහෙම බැරිඋනොත් Hard Reset කිරීම වගේ වැඩ ටිකක්. හැම තිස්සෙම Hard Reset කර කර ඉන්නත් බෑනේ. මේ කිසිම දෙයකින් හදාගන්න බැරිඋනොත් ස්ථීරවම හදාගන්න පුලුවන් System File වල තියෙන Host File එක Delete කිරීමෙන්  හෝ Edit කිරීමෙන්. මේ Host File එක දකින්න පුලුවන් Root කරපු Phone වල විතරයි. මේ පහල රුපයෙන් ඒ Host File එක පෙන්නල තියෙනවා. දැන් ඉතින් තේරෙනවනේ තියෙන වාසි.


Root කලාම මොනවද තියෙන අවාසි...

ඕනිම දෙයක වාසි වගේම අවාසිත් තියෙනවා. අපි ගෙදරට පිහියක් ගෙනියන්නේ එළවළු කපන්න කොටන්න. එත් ඒ පිහිය මළකඩ කනව කියල, ඒකට අත කැපෙනවා කියල අපි පිහිය නොගෙන ඉන්නෙ නෑනේ. මොකද අවාසි පොඩ්ඩක් තිබුනට ලැබෙන වැසි ගොඩක් තියෙන නිසා අපි ඒක ගන්නවා. මේකත් ඉතින් ඒවගේ තමයි.මොනවද අප්පේ ඉතින් මෙච්චරටම මේ කියන අවාසි.
  • අපේ දුරකතනයට ඔය One Years, Two Years කියල දෙන Company Warranty එක අවලංගු වෙනවා. ( මේකට ඉතින් ඕනි නම් වගකීම් කාල සිමාව ඉවර උනාම Root කරගන්න පුලුවන් )
  •  ගොඩක් වෙලාවට අපිට ලැබෙන Official Updates එහෙම Phone එකට එන්නෙ නැතිවෙනවා  
  • තව ඉතින් ඔය ලොකු ලොකු වෛරස් එකක් එහෙම ආවොත් පහසුවෙන්ම දුරකථනය ඊට ගොදුරුවීමේ නැඹුරුවක් තියෙනවා.
හොදට මතක තියාගන්න දුරකථනයක් Root කරනව වගේම පහසුවෙන්ම Unroot කරගන්නත් පුලුවන්.. 


0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Best Web Host