Sunday, March 27, 2016

Android දුරකථනයට තව Google ගිණුමක් එක් කරමු.

  
ඔබ කිසියම් හෝ Android දුරකථනයක් දැනටමත් භාවිතා කරන කෙනෙක් නම්, ඔබේ දුරකථනය නිසි පරිදි භාවිතා කිරීමට Google ගිණුමක් අවශ්‍ය බව ඔබ දැනටමත් දන්නා කරුණක්..
  නමුත් ඔබ දන්නවාද? ඔබේ දුරකථනයට මෙවැනි Google ගිණුම් එකකට වඩා වැඩි ගණනක් එකතුකළ හැකි බවත්, එමගින් ඔබට එක් ගිණුමකින් Gmail, තවත් ගිණුමකින් Google Calendar, තවත් ගිණුමකින් Google Drive ආදී වශයෙන්, පෞද්ගලික හා රාජකාරිමය වශයෙන් වෙන වෙනම Google ගිණුම් පවත්වාගෙන යා හැකි බව. හොඳයි.. අපි බලමු කොහොමද? නව Google ගිණුමක් එක්කරගන්නේ කියලා. ඇත්තටම මේක ගොඩක් සරලයි.


ඉස්සෙල්ලාම Settings වලට යන්න.


දැන් Accounts වලට ගොස් ඒ යටතේ ඇති Add account කියන එක තෝරන්න.


දැන් Google කියන එක තෝරන්න.


එවිට ඔබට පහත පෙනෙන ලෙස මෙවැනි විකල්ප දෙකක් ලැබේවි. ඔබ දැනටමත් අමතර Google ගිණුමකට හිමිකරුවෙක් නම්, මෙහි Existing කියන එක තෝරා ඔබගේ ගිණුමේ විද්‍යුත් ලිපිනය සහ මුර පදය ලබා දෙන්න.

ඔබට දැනට අමතර Google ගිණුමක් නොමැතිනම්, අලුතෙන් ගිණුමක් නිර්මාණය කිරීමට අවශ්‍ය නම් New කියන එක තෝරා අලුතින් ගිණුමක් නිර්මාණය කරගන්න.


0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Best Web Host