Tuesday, March 15, 2016

Bootloader කියන්නේ මොනවද?




දුරකථනයක් ක්‍රියාත්මක විමේදී Hardware හෙවත් දෘඩාංග අරම්භකිරීම, OS එකේ හෙවත් මෙහෙයුම් පද්ධතියේ ස්ථායි බව සහතික කිරීම, මෙහෙයුම් පද්ධතිය අරක්ෂාකාරීව ආරම්භ කිරීම වගේ කරුණු කාරණා  රාශියකට මේ Bootloader කියන එක වැදගත් වෙනවා.
    Bootloader එකක් කියන්නේ මෙහෙයුම් පදධතියක් අරම්භවීමට පෙර දුරකථනය තුළ ක්‍රියාත්මක වන වැඩසටහනක්. මෙය දුරකථන වල වගේම පරිඝණක වලත් අන්තර්ගත වෙනවා. මෙහි කාර්යභාරය වන්නේ මෙහෙයුම් පද්ධතිය කර්නලය වෙත Boot කිරීමයි.






 Bootloader වැඩසටහනක් දුරකථනයෙන් දුරකථනයට වෙනස් වෙනවද?


    ඇත්තටම ඔව්. දුරකථනයේ ඇති Hardware පහසුකම මත මෙම මෙම Bootloader වැඩසටහන් එකින් එකට වෙනස් වෙනවා. ඒ කියන්නේ එක් Processor එකකට ලියපු Bootloader වැඩසටහනක් තවත් Processor එකකට වැඩකරන්නේ නෑ. මෙන්න මේ ගැටලුව නිසා තමයි Android Developers ලට එක් එක් Phone Models සඳහා වෙන වෙනම  Bootloader වැඩසටහන් නිර්මාණය කිරීමට සිදුවී තියෙන්නෙ. නමුත් Apple දුරකථන වල දී ඒවායේ Phone Models අතර විශාල ලෙස  Hardware වෙනස්කම් සිදුකරලා නැති නිසා නව මෙහෙයුම් පදධතියක් පවා 3GS වැනි දුරකථනයකට ස්ථාපනය කර ගැනීමේ හැකියාවක් තියෙනවා.


බොහෝ දුරකථන වල Bootloader  එක Lock කර ඇත්තෙ ඇයි?


ඇත්තටම මෙහි මූලික අරමුණ වන්නේ දුරකථන භාවිතාකරන ඔවුන්ගේ පාරිභෝගිකයින් විසින් නොදනුවත්කමින් සිදුකරනු ලබන විවිධ වෙනස්කම් හේතුවෙන් මෙහෙයුම් පද්ධතියේ ස්ථාවරත්වය බිඳවැටීම වැළැක්වීම හා දුරකථන නිෂ්පාදකයා විසින් ඇතුලත් කර ඇති මෙහෙයුම් පද්ධතියට අමතරව වෙනත්  මෙහෙයුම් පද්ධතියක් දුරකථනයට ස්ථාපනය කිරීම වළැක්වීමයි.
නමුත් Samsung සමාගම විසින්  Bootloader එක Unlock කර ඔවුන්ගේ බොහෝ දුරකථන වෙළඳපොළට නිකුත් කරනවා.


 Bootloader එක Unlock කිරීමට පෙර දැනගතයුත්තේ මොනවාද?


මෙය සිදුකිරීමේදී දුරකථනය Brick වීම හෙවත් අක්‍රිය විමේ නැඹුරුවක් පවතින නිසා ඉතා කලපනකාරිව මෙය සිදුකරගත යුතුයි. එසේම දුරකථන සමගම විසින් දෙන  ලද වගකීම අවලංගු වෙනවා.
     දුරකථනය Root කිරීමට Bootloader Unlock කිරීම අනිවාර්ය නොවුනත්, Custom Rom එකක්, Custom කර්නල් එකක් දැමීමට Bootloader Unlock කිරීම අත්‍යවශ්‍ය වෙනවා.
    Bootloader Unlock කිරීමේදී දුරකථනයේ බාහිර මතක ගබඩාවේ ඇති දත්තයන් මැකියාමක් සිදු නොවන අතර අභ්‍යන්තර මතකයේ ඇති දත්තයන් පමණක් මකියාමේ අවදානමක් පවතිනවා.


Bootloader Unlock කරගන්නේ කොහොමද?


මේ සඳහා දුරකථන සමාගම් විසින් ඉදිරිපත්කර ඇති නිල Web Sites භාවිතා කළ හැකි අතර, විවිධ Software Tools භාවිතාකිරිමෙන්ද මේ දේ සිදුකරගත හැකියි.

මේ සඳහා භාවිතාකලහැකි Web Sites කිහිපයක් පහතින් ඉදිරිපත්කර ඇත.

Sony දුරකථන සඳහා 
HTC දුරකථන සඳහා
Huawei දුරකථන සඳහා

Sony සහ HTC දුරකථන සඳහා

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Best Web Host