Monday, March 14, 2016

කරදරකාරී Ad ටික බ්ලොක් කරමු.

අපි Phone එකට දාගන්න නොමිලේ දෙන සමහර Apps වලින් වැඩ කරනකොට එහෙන් මෙහෙන් ඇඩ් කෑලි පෙන්නනවා ඔයාල දැකල ඇති. සමහර වෙලාවට මේක මහ කරදරයක්, මේ වදේ නිසාම දාගත්තු ඇප් එක කොපමණ ප්‍රයෝජනවත් උනත් ඒ ඇප් එක දුරකතනයෙන් සදහටම අයින් කරගත්තු අවස්ථාවන් ඕන තරම් ඇති. මොකද අපිට එයාල ඇප් එක නිකන් දුන්නට ඒ අය සල්ලි හොයන්නෙ මේ වැටෙන ඇඩ් වලින්. එයාලට සල්ලි ලැබුනට මේ වැටෙන ඇඩ්වලට අපිට අපේ Data සුලුවෙන් හෝ කැපෙන නිසා අපිට වෙන්නෙ අනවශ්‍ය විදිහට අපේ සල්ලි නාස්තිවෙන එක.මෙන්න මේ කරදර වලට තියෙන හොඳම විසඳුම තමයි මෙන්න මේ AdAway කියන App එක.මෙතනදී වෙන්නෙ ඔක්කොම Link ටික එකතුකරලා Host File එකකට ඇතුලත් කරන එක. අපිට මේ වැඩේ සාර්ථකව කරගන්න අපේ දුරකථනය Root කරලා තියෙන්න ඕනි.



මුලින් AdAway App එක (මෙතැනින් ගන්න) 




Install කරගත්තම මේ විදිහට පෙන්නාවි.


දැන් Data ඔන් කරගෙන Open කරගත්තම පහල රූපයේ විදියට පෙන්නනයි. ඔය නිල්පාටින් වැටිල තියෙන විදිහට Update එකක් ඇවිත් තිබුනොත් විතරක් මුලින්ම ඒක Update කරගෙන ඉන්න. දැන් රතු පාටින් රවුම් කරලා තියෙන Download files and apply ad blocking කියන එක උඩ ටච් කරන්න.



දැන් මේ විදිහට hosts files ටික Download වෙනවා පෙන්නයි. 


ඊට පස්සෙ Reboot පාරක් දාගන්න. දැන් ඉතින් ගොඩ. 

2 comments:

Anonymous said...

මන් ඔය කියපු විදියටම lenovo අ536 root කරගත්තා.but මට AdAway open කරන්න දෙන්නේ නැහැ.rooted android required කියලා වැටෙනව.මොකද කරන්න ඔන?????

Unknown said...

මචන් උඹේ ෆෝන් එක හරියට root වෙලා නෑ වගේ.. root checker එක දාලා පොඩ්ඩක් අපහු check කරලා බලපන්...

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Best Web Host