නමුත් මම අද ඔබට කියල දෙන්න යන්නේ මෙම දේවල් ඉතා පහසුවෙන් ආරක්ෂාකාරීව හා වඩා කාර්යක්‍ෂමව කර ගත හැකි සුපිරිම සුපිරි App එකක් ගැන. ඒ ඇප් එක තමයි Protect කියන ජනප්‍රියම Application එක.
මොනවද මේ ඇප් එකෙන් කරන්න පුලුවන් දේවල්?..
1. එක් එක් ඇප් එක වෙන වෙනම භාවිතා කලයුතු Data ප්‍රමාණය අපිට කලින්ම තීරණය කරන්න පුලුවන්. ඒ කියන්නේ Data limit හදාගන්න පුලුවන් කියන එක. ඒ වගේම Data limit එකට ආවම අපිට ඒක පහසුවෙන්ම extend කරගැනීමේ හැකියාව තියෙනවා.
2. එක් එක් ඇප් එක දිනක් තුල භාවිතා කරන ලද Data ප්‍රමාණය වෙන වෙනම පෙන්වීම.
3. ඔබ දිනක් තුල භාවිතා කරන ලද සම්පුර්ණ Data ප්‍රමාණය පෙන්වීම.
4. එක් එක් ඇප් එකෙහි Background Data භාවිතය වෙන වෙනම නැවත්වීම.
5. අපි කැමති ඇප්ස් වෙන වෙනම wifi හරහා පමණක් භාවිතා කළ හැකි ආකාරයට සැකසීම.
6. තමන්ගේ පෞද්ගලික තොරතුරු හා රහස් මුරපද ආදිය අන්තර්ජාලය තුලදී අනවශ්‍ය පුද්ගලයන් අතට පත්වීම වැළක්වීම.
දැන් පේනවා නේද අපිට මේ ඇප් එකෙන් User friendly විදිහට කොපමණ වැඩ කොටසක් කරගන්න පුලුවන්ද කියලා..දැන් ඉතින් ඔයත් මේ ඇප් එක ෆෝන් එකට දාගෙනම මේ අත්දැකීම විඳගන්න.