Saturday, March 12, 2016

සිංහල නැති ඕනෑම Android ෆෝන් එකට සිංහල දමමු.

ඇන්ඩ්රොයිඩ් දුරකතනයක සිංහල ස්ථාපනය කිරීම ආකාර කිහිපයකට සිදුකළ හැකිය. මෙම ක්‍රමය  අතිශයින්ම  සාර්ථක ක්‍රමයකි.

හැබැයි මේක කරනකොට කල්පනාවෙන්ම කරන්න. මොකද? දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතර මග කියනවනේ..

අවශ්‍ය කරන දේවල් 
                                





පළමුවෙන්ම Iskpota.ttf ෆොන්ට් එක DroidSansFallback.ttf ලෙස Rename කරගන්න.



ඊට පසුව ස්ථාපනය කරගත් Root Explore ඇප් එක ආධාරයෙන් ROOT / System/ Fonts වලට ගොස් අපි කලින් Rename කරගත් Font එක Replace කරගන්න. 
මතක ඇතිව පහත රූපසටහනේ ඉහළින්ම ඇති Mount R/W එක මත ටැප් කර Mount R/O ලෙස සකසා ගන්න.


    

දැන් Paste කරගත්ත DroidSansFallback ෆොන්ට් එක මත තත්පර කිහිපයක් ඔබාගෙන සිටින්න (Long Press) එවිට එන Menu එකේ Permissions කියන එකට ගිහින් පහත පරිදි Permissions හදාගෙන OK කරන්න.



ඊට පස්සෙ Restart පාරක් දාල සිංහල අකුරු තියෙන Website එකකට ගිහින් බලන්න.
මගේ නම් මේ තියෙන්නේ එළකිරි වගේ ...



0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Best Web Host