Wednesday, November 8, 2017

Whatsapp එකටත් පොපප් වෙන චැට් හෙඩ් එකක්...


ඔයාල දැකල ඇතිනේ අපිට facebook messenger එකේදී කවුරුහරි අලුතෙන් message එකක් එවනවනම් එය Chat head එකක් විදිහට අපේ ෆෝන් එකේ තිරය මත පෙන්වනවා කියලා.


නමුත් අපි භාවිතා කරන Whatsapp එකට තවමත් මෙම පහසුකම දීලා නෑ. අද අපි කතාකරන්න යන්නේ මේ වගේ Pop up වෙන chat head එකක් අපේ whatsapp එකට දාගන්නේ කොහොමද කියලා. ඇත්තටම ඉතාමත් සරල පියවර කිහිපයකින් අපේ whatsapp එකටත් මෙම විදිහට chat head එකක් දාගන්න පුලුවන්.

ඉස්සෙල්ලම Play store එකට ගිහින් Dashdow What App කියන ඇප් එක ඔයාගෙ ෆෝන් එකට install කරගන්න.


Dashdow What App  කියන ඇප් එක මෙතැනින් Download කරගන්න.

දැන් ඇප් එක Open කරගෙන කැමති පරිදි පහතින් පෙන්වලා තියෙන විදිහට Notification වෙනස් කරගන්න. මම නම් සියල්ලටම ටික් එක යොදා Active කරගෙන තියෙන්නේ.


ඊළඟට Notificationaccess කියන එකට ටික් එක දාගන්න.


දැන් ඔබට මේවගේ Menu එකක් දැකගන්න ලැබේවි. එහි Dashdow for Whatsapp කියන එකට මේ විදිහට ටික් එක දාගන්න.


ඉන්පසුව පහත පරිදි Message එකක් දක්නට ලැබේවි. එය Ok කරන්න.


දැන් මෙවැනි තව Message එකක් දක්නට ලැබේවි. එයත් Ok කරන්න.


දැන් ඔබේ ඇප් එකෙහි Notificationacess කියන එකට පහත පරිදි ටික් එකක් වැටි එය Active වී තිබිය යුතුයි.


දැන් ඔබ සාර්ථකව මෙම ඇප් එක install කරගෙන අවසන්. දැන් ඔබට whatsapp messages එනවිට පහත පරිදි chat head එකක් ලෙස ඔබේ දුරකතනයේ තිරය මත එය Pop up වේවි.



0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Best Web Host