Sunday, July 10, 2016

ඇන්ඩ්‍රොයිඩ් ක්‍රීඩා රූපවාහිනියෙන් සෙල්ලම් කරමු ...

අද ඇන්ඩ්‍රොයිඩ් තාක්ෂණය භාවිතා කිරීමේ පහසුකම ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ධාවනය වන ස්මාර්ට් දුරකතන, පැබ්ලට්, ටැබ්ලට් ආදියට පමණක් සීමාවූ දෙයක් නෙවෙයි.. අපේ ෆෝන් එකේ තියෙන ඇන්ඩ්‍රොයිඩ් Game එකක් අපගේ පරිගණකය හරහා Play කිරීමේ අවස්ථාව ඇති බව ඔබත් මමත් හොදින් දන්නා කාරණාවක්.. මෙන්න මේ වගේ ඇන්ඩ්‍රොයිඩ් Games  ගෙදර රූපවාහිනිය භාවිතා කර Play කිරීම මඟින්  පුලුල් තිරයක මෙම ක්‍රීඩා ආශ්වාදය ලබාගැනීමේ පහසුකම Google සමාගම විසින් Google Chrome Cast නම් උපාංගය හරහා ලබා දී තිබෙනවා. මෙය සාමාන්‍යයෙන් ඇමෙරිකානු ඩොලර් 35ක් පමණ වන උපාංගයක්.

කොහොමද මෙය භාවිතා කරන්නේ ...

* මුලින්ම Play Store වලට ගිහින් ඔබේ දුරකතනයට Google Chrome Cast ඇප් එක Install කරගන්න.
* දැන් Chrome Cast උපාංගය රූපවාහිනියට සම්බන්ධ කර රූපවාහිනියේ Mode ( මාදිලිය ) එක HDMI Input ලෙස වෙනස් කරන්න.
* දැන් ඔබේ දුරකතනයේ Chrome Cast ඇප් එක ක්‍රියාත්මක කළ විට එහි ජාලය තුල දැනට ඇති Chrome Cast උපාංගයන් පෙන්නුම් කරාවි.
* ඉන්පසු Settings වලට ගොස් Cast Screen තෝරන්න. මෙහි Screen Cast යන්න බීටා ලෙස ලකුණු වී ඇති. දැන් ඔබ පහළින් ඇති Cast Screen බොත්තම ටච් කරන්න. දැන් ඔබට උපාංග ලැයිස්තුව දිස්වේවි. දැන් ඔබේ Chrome Cast උපාංගය තෝරන්න. දැන් මෙය ඔබේ දුරකතනයේ තිරය මත මෙන්ම රූපවාහිනියේ තිරය මත පෙන්නුම් කරාවි.

මෙහිදී ඔබේ උපාංගයේ ගුණාත්මක භාවය නූතන බව අනුව රූපවාහිනී තිරය මත දසුන් ලබාදීමේ වේගය රඳාපවතී.

* මීළඟට ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයේ තිරය මත ඇති Settings වලට ගොස් Cast Screen බොත්තම මත ටච් කරන්න. මෙම Settings සක්‍රිය හෝ අක්‍රිය කර තිබුනායැයි කිසිදු වෙනසක් සිදුනොවන නිසා ඔබ කළ යුත්තේ තෝරාගත් ChromeCast තිරය වෙත ගොස් එය ඒ මත ටච් කිරීම පමණි. ඔබ යමක් තිරගත කිරීමට සූදානම් වනවිට එම Cast අයිකනය Status bar පෙන්නුම් කරයි. ඔබට විසන්ධි කිරීමට අවශ්‍ය උවහොත් පහළින් ඇති Disconnect යන්න මත ටච් කරන්න.

මේ ලෙසට ඔබේ ඇන්ඩ්‍රොයිඩ් දුරකතන තිරය රූපවාහිනියකට හෝ එවැනි වෙනත් තිරයකට ඔබට පහසුවෙන් ලබාදිය හැකියි.

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Best Web Host