අද කියල දෙන්න යන්නේ ඔබට බොහෝ සෙයින් වටිනා කාරණයක් ගැන.. අපි බලමු කොහොමද අපේ දුරකථනයේ තියෙන Apps ටික කොහොමද එකවර Backup කරගන්නේ කියලා. මේ සඳහා බොහෝ Apps වර්ග Play Store එකේ දක්නට ලැබුනත් අද මම කියල දෙන්නේ Apps Backup Restore කියන App එක හරහා කොහොමද මේ දේ කරගන්නේ කියල.
මෙම ඇප් එක මගින් ඔබට ෆෝන් එකේ Apps ටික Backup කරගැනීමේ පහසුකම මෙන්ම Bluetooth හෝ WI -FI මගින් වෙනත් දුරකථනයකට Share කරගැනීමේ පහසුකමද මෙමගින් ඔබට ලබාදෙනවා. ඇත්තටම අපිට මේක ගොඩක් වෙලාවට වටින්නේ අපේ දුරකථනය Format කරගන්න ගියාම. අපේ දුරකථනය Format කරනවිට අපි දුරකථනයට අලුතෙන් දාපු සියලුම ඇප්ස් අපිට අහිමි වෙනවා වගේම දුරකතය අලුතෙන් ගන්නකොට Phone එකේ තිබුණු ඇප්ස් වල සියලුම අප්ඩේට් අපිට අහිමි වෙනවා. මේ හේතුව නිසා අපිට දුරකතනය Format කිරීමෙන් පසු Play Store එකට නැවත ගොස් කලින් තිබුණු Apps ටික නැවත Install කරගැනීමට වනවා මෙන්ම ෆෝන් එකට එන Default ඇප්ස් ටික ඒ කියන්න අලුතෙන් ෆෝන් එක ගන්නකොටම තියෙන ඇප්ස් ටික නැවත අලුත්ම Version එකට Update කරගැනීමට වෙනවා. මේ දේට සලකියයුතු Data ප්‍රමාණයක් වැයවනවා මෙන්ම ඔබගේ වටිනා කාලයද නිකරුනේ වැයකිරීමට සිදුවෙනවා. අපිට මෙම App එක භාවිතා කොට සියලුම Apps ටික එලෙසින්ම Backup කොට එය දුරකතනයේ නැවත Restore කිරීමේ පහසුකම පවතිනවා. අපි පියවරෙන් පියවර බලමු මේ දේ කරන්නේ කොහොමද කියලා..
- ඉස්සෙල්ලම Play Store එකට ගොස් Apps Backup Restore කියන App එක Download කරගන්න.
- ඊටපස්සේ මෙන්න මෙහෙම Phone එකේ දිස්වෙයි. ඒ App එක උඩ Tap කරලා Open කරගන්න.
- දැන් ඇප් එක Open කරගත්තම ඒක ඇතුලේ මෙන්න මෙහෙම පෙන්නයි. ඔය App කොටස Open කළහම අපේ ෆෝන් එකේ තියෙන සේරම Apps ටික ඔතන පෙන්නනවා. Archive කියන කොටසේදී පෙන්නන්නේ අපි Backup කරගත්තු Apps ටික. Media කොටසෙදි පෙන්නන්නේ අපේ දුරකතනයේ තියෙන සියලුම Media Files ටික. දැන් App කියන කොටස Open කරගන්න.
- ඊටපස්සේ මෙන්න මෙහෙම අපේ Phone එකේ තියෙන හැම App එකක්ම පෙන්නයි. දැන් තමන්ට ඕනි App එක ඉස්සරහින් මේ විදියට Tick එකක් දාගන්න.
- දැන් Archive කියන කොටසෙදි ඔබ Backup කරගනිපු සියලුම Apps ටික පෙන්නාවි. ඔබට ආපසු නැවත මෙම App එකක් Restore කරගැනීමට අවශ්‍ය වුවහොත් ඔබට අවශ්‍ය Apps ටික මේ විදිහට Select කරගන්න.
0 comments:
Post a Comment