Wednesday, October 5, 2016

ඔයාගෙ Phone එක ඩොන්ගල් එකක් කරමු...

    අද මන් ඔයාලට කියල දෙන්න යන්නේ මාරම ගැජමැටික් එකක්. කොහොමද සල්ලි වලට වෙනම Dongle එකක් ගන්නේ නැතිව තියෙන Phone එකේ Data වලින් Computer එක හරහා Internet යන්න පුළුවන් නම්. ඇත්තටම කිව්වොත් අපි යන යන තැන ඩොන්ගල් එක ගෙනියන්නේ නෑනේ. එත් අපේ ෆෝන් එකනම් ගෙනියනවා. ඒක නිසා මේ දේ දැනගෙන ඉන්න එක ගොඩක් වටිනවා. හදිස්සියක් උනොතින්  Dongle එකක් හොය හොයා  ඉන්නේ නැතිව තියෙන Phone එක මේ විදියට Dongle එකක් කරගන්න. මේකට Data Cable එක නම් ඕනි වෙනවා. අපි බලමු කොහොමද මේ දේ කරන්නෙ කියලා.
  • ඉස්සෙල්ලම Phone එකේ Settings වලට මේ විදියට යන්න.

  • ඊටපස්සේ Connections යටතේ ඇති More Networks කියන එක තෝරන්න. ( ෆෝන් වර්ගය අනුව මේ දේ පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන් )

  • දැන් Tethering & Mobile hotspot කියන එක තෝරන්න.

  • ඊළඟට මෙහෙම Menu එකක් ඒවි. අපි එකේ USB Tethering කියන එක Select කරගන්න ඕනි. අපිට දැන්මම මේක තෝරගන්න බෑ. මොකද මේක Hide වෙලා තියෙන්නේ. මේක Click කරන්න පුළුවන් වෙන්නෙ අපි Data Cable එකක් මඟින් අපේ ෆෝන් එක Computer සම්බන්ධ කළාම විතරයි. එතකන් මේක Hide වෙලයි තියෙන්නේ.
  • දැන් Data Cable එක ගහල Phone එකයි Computer එකයි සම්බන්ධ කරගන්න. (දන්නවනේ කරගන්න විදය. ඔය උඩින්ම තියෙන රූපේ තියෙන්නේ ඒ විදිය තමා.) ඊටපස්සේ Computer එක මඟින් Drivers එහෙම Automatically Install කරගන්නවානම් එහෙම Install  වෙන්න දෙන්න. ඊට පස්සේ හරියාකාරව Computer එකට සම්බන්ධ වුනහම  කලින් Hide වෙලා තිබුණු  USB Tethering කියන එක enable වෙලා මේ විදියට Tick එකක් දාන්න පුළුවන් විදියට පෙන්නාවි. දැන් ඒකට මේ වගේ ටික් එකක් දාගන්න.

  • දැන් Phone එකේ Data මේ විදියට On කරගන්න. (කලින්ම Data On කරගෙන ඉඳල පස්සේ USB Tethering කියන එකට ටික් එක දාගත්තත් කමක් නෑ. තමන්ට කැමති විදිහක්.. )
  • දැන් තමන්ට කැමති Web Browser එකක් Computer එකේ Open කරගෙන ලස්සනට Internet යන්න.

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Best Web Host