Monday, April 25, 2016

පරිගණකයක් නොමැතිව Phone එක, Phone එකෙන්ම Root කරගමු

 

   අපි ඔයාලට ඔයාගෙ ෆෝන් එක කොහොමද පරිගණකය හරහා පහසුවෙන්ම රූට් කරගන්නෙ කියන එක කලින් ලිපියකදි කියල දුන්නා මතක ඇති. ඒ ලිපිය බලන්න ඕනි නම් මෙතැනින් බලන්න.

   අද අපි ඔයාලට කියල දෙන්න යන්නේ ඔයාට Computer එකක් නැතිව කොහොමද ඔයාගේ Phone එක, Phone එකෙන්ම Root කරගන්නේ කියලා. මේක කරනකොට මම කියල දීල තියෙන විදිහට හොදට පරිස්සමෙන් කරගන්න. එහෙම නැතිව අනං මනං කරලා Phone එක කඩාගෙන අපිට දොස් කියන්න එපා. වැඩේට බහින්න ඉස්සෙල්ලා හොඳට Post එක කියවන්න. තේරුනේ නැත්නම් දෙතුන් පාරක් හරි කියවල වැඩේ මීටර් උනාට පස්සෙ Root කරන්න. ඇත්තටම මෙතන ලොකු දෙයක් නෑ. පොඩි පියවරවල් කිහිපයක් කරන්න තියෙන්නෙ. මේක කරනකොට Phone එකේ 60% ක් වත් බැටරිය චාර්ජ් කරල තියාගන්න.

  • දැන් Download කරගනිපු App එක උඩ ටච් කරන්න.


  • දැන් Phone එකේ Data On කරගන්න. දැන් පහළින් පෙන්නල තියෙන විදිහට TRY TO ROOT කියන එක ඔබන්න. මෙතැනදී Internet වේගය මත තමයි ඔයාගේ Phone එක රූට් වීමට ගතවන කාලය තීරණය වෙන්නෙ.
  • දැන් මේ විදිහට ඉබේම Root වෙනවා පෙන්නාවි. දැන් මේක 100%ක් වෙනකන් ඉන්න.

  • Root වෙලා ඉවර උනාම Root successfully කියලා මෙහෙම පෙන්නාවි. ඒ කියන්නේ දැන් ඔයාගේ Phone එක Root වෙලා ඉවරයි. Automatically Restart උනේ නැත්නම් ඔයාම ෆෝන් එක manually Restart කරගන්න.


එත් නිකන් මේක හරියට Root උනාදෝ නැද්දෝ කියල හිතට විචිකිච්ඡාවක් එනව නම් Root Checker ඇප් එක මෙතැනින් අරන් Install කරගෙන Root වෙලාද නැද්ද කියල හරියටම දැනගන්න.

Thursday, April 7, 2016

පිටින් ගන්න Apps දුරකථනයේ Install කරමුද?


  
  ඔයාල අපි හැමකෙනෙක්ම දන්න තැනක් තමයි Play Store එක. අපේ දුරකථනයට අලුතින් ඇප් එකක් එහෙම දාගන්න ඕනි උනාම අපි ඉතින් මුලින්ම කරන්නේ Play Store එකට ගිහින් සාමාන්‍ය විදිහට ඇප් එක Install කරගන්න එකනේ.ඇත්තටම මේක තමයි පහසුම සහ ආරක්ෂිතම විදිය. නමුත් Play Store එක ඇප්ස් වර්ග මිලියන ගණනක් තියෙන තැනක් වුනාට මේකෙ තියෙන හැම ඇප් එකක්ම අපිට Free දෙන්නේ නැහැනේ. අපිට ඉතින් යම්කිසි ඩොලර් ( $ ) ගණනක් ගෙවල තමයි මේවා ගන්න තියෙන්නේ. සල්ලි දීල ගන්න වෙනවනම්  අපි ඉතින් මේ වගේ ඇප්ස් ජීවිතේට ගන්න යන්නේ නැහැනේ. මෙන්න මේ වගේ වෙලාවට තමයි මේ කාරණය අත්‍යවශ්‍ය වෙන්නෙ. මොකද? Play Store එකේ නොමැති ගොඩක් ඇප්ස් අපිට මේ වගේ පිටින් වෙනත් Web Site වලින් ලබාගන්න පුලුවන්කම තියෙනවා. එහෙම නැත්නම් ඔයාගේ ළඟ නැති Bluetooth හරහා යාලුවෙක්ගෙන් ඉල්ලගත්තු App එකක් උනත් , ඒක තමන්ගේ Phone එකේ  කොහොමද ස්ථාපනය කරගන්න ඕනි කියන එක දැනගෙන ඉන්න එක ඇත්තටම අපිට ගොඩක් වටිනවා..

Saturday, April 2, 2016

Phone එකෙන් You Tube වීඩියෝ Download කරමු



  අද මම අපේ යාලුවන්ට කියල දෙන්න යන්නේ ගොඩක් වටිනා කාරණයක්. අපි phone එකෙන් නිකන් ඉන්න වෙලාවට Youtube වීඩියෝ එහෙම බලනවනේ.. අපි ආසකරන සින්දුවක් එහෙම තිබුනොත් ඕක ඉතින් අපි Online පට්ට ගහනවා... කොහොමද අපිට Youtube එකේ තියෙන සින්දුවක් අපිට කැමති Format එකකින් එකපාරින්ම Download කරගන්න පුලුවන් උනොත්.. එතකොට අපේ Data ටිකත් ඉතිරියි.

මේ ලිපිය ලොකුයි කියල මුලදිම බයවෙන්න එපා.. අපිට කරන්න තියෙන්නෙ සරල පියවරවල් තුන හතරක්..

දන්න අයට නම්  අවුලක් නෑ. එත් නොදන්න අලුත් කෙනෙකුට හොඳටම තේරෙන විදිහට එකින් එකට Screen Shot ගොඩක් භාවිතා කරලා මේක පැහැදිළි කරල තියෙන නිසා තමයි මේ Post එක ටිකක් ලොකු.. 

  දැන් මම කියල දෙන්න යන්නේ  Youtube Videos තමන් කැමති විදිහට Download කරගන්නේ කොහොමද කියලා.. වැඩි කතා ඕනි නෑ.. වැඩේ ගොඩක් සරලයි.. එහෙනම් අපි පටන්ගමු.

මුලින්ම Play Store එකෙන් හරි පහත Link වලින් හරි Youtube  ඇප් එකයි Youtube Downloader කියන ඇප් එකයි Download කරගෙන Install කරගන්න.



ඇප්ස් Install කරන හැටි මෙතැනින් ඉගෙනගන්න.



ඉස්සෙල්ලාම අපි Youtube Downloader කියන App එක විතරක් භාවිතාකරල Youtube Videos කොහොමද Download කරන්නෙ කියලා බලමු. (මේකට  Youtube ඇප් එක Phone එකේ තිබීම අත්‍යවශ්‍ය නෑ. )


දැන් ඉස්සෙලම Youtube Downloader ඇප් එක Open කරනකොට මේ වගේ Message එකක් අවොත් ඒක පහළින් පෙන්නල තියෙන විදිහට Accept කරන්න.


දැන් ඊට පස්සෙ මේ වගේ තව Message එකක් ආවොතින් රූපයේ විදිහට show again next time කියන එකට වැටිල තියෙන හරි ලකුණ ඉවත් කරලා OK කියන එක ඔබන්න.


දැන් අපි මුලින්ම පැමිණෙන්නේ Search Bar එකක් සහිත මෙන්න මේ වගේ කොටසකට. දැන් අපිට Youtube එකේ හොයන්න ඕනි Video එකේ නම මේ විදිහට උඩ Search Bar එකේ Type කළහම ඒ නමට අදාල Videos ඊට පහළින් මේ විදිහට පෙන්නනවා.


දැන් අපිට Download කරගන්න  ඕනි Video එක උඩින් Click කළහම මේක පලවෙනි සැරේ නිසා ගොඩක් වෙලාවට මේ වගේ Message එකක් ඒවි. එකෙත් show again next time කියන එකට වැටිල තියෙන හරි ලකුණ ඉවත් කරලා OK කියන එක ඔබන්න. 


දැන් ඔයාලට කලින් තෝරගත්ත Video එකට අදාලව විවිධ Video Format තියෙන මේ වගේ List එකක් ලැබේවි. සාමාන්‍යයෙන් List එකේ උඩින්ම තියෙන්නෙ කොලිටියෙන් වැඩි Format එක. දැන් තමන්ගෙ අභිමතය පරිදි  Phone එකට ගැළපෙන Format එකක් තෝරාගන්න. Video එක නැතිව Audio එක විතරක් ඕනි නම් ඔය යටින්ම තියෙන MP3 කියන එක එබුවහම හරි. 


අපිට අවශ්‍ය Format එක උඩ එබුවහම ඊට පස්සෙ මෙන්න මේ වගේ Message එකක් වැටෙයි. දැන් ඒකෙ ඔය පෙන්නල තියෙන විදිහට Download here කියන එක ඔබන්න.


මේක ඔයාලගේ පළමුවෙනි වතාව නිසා ගොඩක් වෙලාවට Download here කියන එක එබුවට පස්සෙ මේ වගේ Message එකක් ඒවි. එහෙම ආවොතින් එකත් OK කරල දාන්න.


දැන් ඔයාලගේ Youtube Downloader එකේ තියෙන Dashboard කියන කොටසෙ ඔයාලගේ Video එක Download වෙනවා මේ වගේ පෙන්නාවි.


දැන් අපිට මේ Video එක Download වෙන එක තාවකාලිකව නතරකරගන්න ඕනි නම් හරි, ඒක අයින් කරගන්න ඕනි නම් හරි, ඔය Download වෙන එක උඩ ඔබාගෙන ( Long Press කරගෙන ) ඉන්න. එතකොට මේවගේ Message එකක් ඒවි. දැන් ඉතින් අපිට මේ පෙන්නල තියෙන විදිහට Pause/Resume කර ගන්න, Remove කරගන්න, Re-Download කරගන්න වගේ දේවල් කරන්න පුලුවන්.



ඔන්න දැන් එක ක්‍රමයක් අපි කියල දුන්නා. බලමු අපි අනිත් විදිහ කොහොමද කියලා..

මේ ක්‍රමයෙදි අපිට Youtube ඇප් එකයි Youtube Downloader කියන App එකයි කියන මේ ඇප් දෙකම දුරකතනයේ තිබීම අත්‍යවශ්‍යයි.

මේකෙදි තියෙන වාසියක් තමයි අපි කැමති Video එක ඉස්සෙල්ලා බලලා ඊට පස්සෙ කැමතිනම් විතරක් ඒක Download කරගන්න පුලුවන් වීම.

මුලින් Youtube  ඇප් එකයි Youtube Downloader කියන ඇප් එකයි Download කරගෙන Install කරගන්න.

මුලින්ම Youtube Downloader App එක Open කරලා එන Message ටික Accept කරලා , OK කරලා අර Search කරන තැනට එන්න. ඒ කියන්නේ මෙන්න මෙතනට එන්න.



(කලින් ඔයා මේ App එක Open කරලා භාවිතා කරලා තියෙනවනම් මේක ආපහු කරන්න ඕනි නෑ හොඳේ. මේක මේ අලුතෙන් Install කරගෙන පළමුවෙනි සැරේට කරන අයට විතරයි)  Youtube Downloader App එක කලින්, Open කරෙගෙන ඉදිරියට යන විදිහ විස්තර කරපු නිසා මම ආපහු එක විස්තර කරන්න යන්නෙ නෑ.

දැන් Youtube App එක Open කරගන්න.


දැන් එකේ Search කරන Bar එකේ තමන්ට ඕනි Video එකේ නම Type කරන්න. මේ මම පහළින් කරලා තියෙන්නෙ අන්න ඒ විදිහට. දැන් අපිට Type කරලා තියෙන නමට අදාළ මේ වගේ Videos ගොඩක් පෙන්නනවා..



දැන් ඉතින් අපිට ඕනි Video එක උඩ Touch කරපුවහම එක මෙන්න මේ විදිහට Play වෙනවා. ( මේක ඉතින් සාමන්‍ය දැනීමනේ. )


දැන් මෙහෙම Play වෙන Video එක උඩට පොඩි තට්ටුවක් දුන්නහම ( Video එක උඩ Touch කළහම ) මෙන්න මේ වගේ Icon ටිකක් පෙන්නයි. දැන් මම මේ කොටුකරලා පෙන්නල තියෙන Share කරන Icon එක ඔබන්න. සමහරවිට මේ Icon එක Video එක යටත් තියෙනවා.



දැන් ඔයාගේ Phone එකේ Install කරලා තියෙන App ටික පෙන්නන මෙන්න මේ වගේ List එකක් එයි. දැන් එකෙන් ඔයා කලින් Install කරගනිපු Youtube Downloader ඇප් එක මේ විදිහට තෝරන්න.


දැන් ඉබේම Youtube Downloader ඇප් එක Open වෙලා Video Format ටික පෙන්නාවි. 


දැන් ඉතින් කරන්න තියෙන්නෙ අර මම මුලින්ම කියල දීපු විදිහට ලස්සනට Download කරගන්න එක. ඒ කියන්නේ  Format එක Select කලා. Download කලා.




ඔන්න දැන් ඉතින් වැඩේ ඉවරයි... මම හිතනවා ඔයාලට  මේක හොඳටම තේරුනා කියලා..  එහෙනම් ඔයාලට සුභ දවසක්...

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Best Web Host