Wednesday, October 5, 2016

ඔයාගෙ Phone එක ඩොන්ගල් එකක් කරමු...

    අද මන් ඔයාලට කියල දෙන්න යන්නේ මාරම ගැජමැටික් එකක්. කොහොමද සල්ලි වලට වෙනම Dongle එකක් ගන්නේ නැතිව තියෙන Phone එකේ Data වලින් Computer එක හරහා Internet යන්න පුළුවන් නම්. ඇත්තටම කිව්වොත් අපි යන යන තැන ඩොන්ගල් එක ගෙනියන්නේ නෑනේ. එත් අපේ ෆෝන් එකනම් ගෙනියනවා. ඒක නිසා මේ දේ දැනගෙන ඉන්න එක ගොඩක් වටිනවා. හදිස්සියක් උනොතින්  Dongle එකක් හොය හොයා  ඉන්නේ නැතිව තියෙන Phone එක මේ විදියට Dongle එකක් කරගන්න. මේකට Data Cable එක නම් ඕනි වෙනවා. අපි බලමු කොහොමද මේ දේ කරන්නෙ කියලා.
  • ඉස්සෙල්ලම Phone එකේ Settings වලට මේ විදියට යන්න.

  • ඊටපස්සේ Connections යටතේ ඇති More Networks කියන එක තෝරන්න. ( ෆෝන් වර්ගය අනුව මේ දේ පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන් )

  • දැන් Tethering & Mobile hotspot කියන එක තෝරන්න.

  • ඊළඟට මෙහෙම Menu එකක් ඒවි. අපි එකේ USB Tethering කියන එක Select කරගන්න ඕනි. අපිට දැන්මම මේක තෝරගන්න බෑ. මොකද මේක Hide වෙලා තියෙන්නේ. මේක Click කරන්න පුළුවන් වෙන්නෙ අපි Data Cable එකක් මඟින් අපේ ෆෝන් එක Computer සම්බන්ධ කළාම විතරයි. එතකන් මේක Hide වෙලයි තියෙන්නේ.
  • දැන් Data Cable එක ගහල Phone එකයි Computer එකයි සම්බන්ධ කරගන්න. (දන්නවනේ කරගන්න විදය. ඔය උඩින්ම තියෙන රූපේ තියෙන්නේ ඒ විදිය තමා.) ඊටපස්සේ Computer එක මඟින් Drivers එහෙම Automatically Install කරගන්නවානම් එහෙම Install  වෙන්න දෙන්න. ඊට පස්සේ හරියාකාරව Computer එකට සම්බන්ධ වුනහම  කලින් Hide වෙලා තිබුණු  USB Tethering කියන එක enable වෙලා මේ විදියට Tick එකක් දාන්න පුළුවන් විදියට පෙන්නාවි. දැන් ඒකට මේ වගේ ටික් එකක් දාගන්න.

  • දැන් Phone එකේ Data මේ විදියට On කරගන්න. (කලින්ම Data On කරගෙන ඉඳල පස්සේ USB Tethering කියන එකට ටික් එක දාගත්තත් කමක් නෑ. තමන්ට කැමති විදිහක්.. )
  • දැන් තමන්ට කැමති Web Browser එකක් Computer එකේ Open කරගෙන ලස්සනට Internet යන්න.

Tuesday, October 4, 2016

2016 ශිෂ්‍යත්ව විභහගයේ ප්‍රතිඵල ක්ෂණිකවම Mobile Phone එකට ගෙන්නගමු...


ඔබගේ SIM පත Dialog නම් ක්ෂණිකව ප්‍රතිඵල දුරකථන තිරය මතට ගෙන්වා ගැනීම සඳහා...

EXAM <හිස්තැනක්> විභහග අංකය ඇතුලත් කොට 7777 ට යවන්න.

EXAM <Space> enter your Index Number and send it to 7777



නිතරම කොරියන් Phone එකේ Call Cut වෙනවද? සැරින් සැරේ කියන දේ අනිත් පැත්තට ඇහෙන්නෙ නැතිව යනවද?

කොරියන් Phone  වල  එන අවුලක් තමයි නිතරම Call Cut වෙන එක .ඒ මදිවට සැරින් සැරේ කියන දේ අනිත් පැත්තට ඇහෙන්නෙ නැතිව යන එක. ඇත්තටම  ප්‍රශ්නය එන්නේ Network Connection එකෙන්. අපි බලමු කොහොමද මේ දේ හදාගන්නෙ කියලා.

  • ඉස්සෙල්ලම Key Pad එක උඩ 319712358 කියන අංක ටික Type කරන්න.

  •  එතකොට මේ විදියට Warning  Message එකක් අවොතින් ඒක Yes කරන්න.

  • දැන් ඔබේ SAMSUNG දුරකථනයේ Model No. එක අනුව Password එක Type කරන්න.
Model No. එක අග තියෙන්නෙ S අකුර නම් ( එකියන්නේ ඔබගේ දුරකථනය Anycall එකක් නම් )  
996412 කියන Password එක Type කරන්න. උදා. SHW-M250S 

Model No. එක අග තියෙන්නෙ K  අකුර නම් ( එකියන්නේ ඔබගේ දුරකථනය Olleh එකක් නම් ) 
774632 කියන Password එක Type කරන්න. උදා. SHW-M250K  
Model No. එක අග තියෙන්නෙඅකුර නම් ( එකියන්නේ ඔබගේ දුරකථනය LG+U එකක් නම් ) 
0821 කියන Password එක Type කරන්න. උදා. SHW-M250L  

  • දැන් ලැබෙන Menu එකේ Network Setting කියන එක තෝරන්න.
  • ඊටපස්සේ ලැබෙන Menu එකේ Network Mode කියන එක තෝරන්න.
  • දැන් මේ විදිහට Network Frequencies පෙන්වන Menu එකකට ඒවි. බොහෝ වෙලාවට Select වෙලා තියෙන්නේ Automatic කියන එක.
  • දැන් ඔය පෙන්නන List එකේ WCDMA ALL කියන එක Select කරන්න. .ඔන්න දැන් වැඩේ හරි.


දැන් කලින් වගේ  Call Cut වෙන ඒවා, සැරින් සැරේ කියන දේ අනිත් පැත්තට ඇහෙන්නෙ නැතිව යන ඒවා මොකුත් නෑ.
තව දෙයක් මතක් කරන්න ඕනි. අපි ගොඩක් Signal අඩු තැනකට ගියොතින්  විතරක්  GSM ALL කියන එකට තාවකාලිකව මාරු කරගන්න.

Monday, October 3, 2016

Phone එක නැති උනාද? තියෙන තැනකින් හොයාගන්න බැරිද? එහෙනම් හතරවටේම දුවන්නෙ නැතිව Computer එක ලඟට දුවන්න..



මේ ලිපිය දාන්න හේතුපාදක වුනේ  ගොඩක් අය තවම මේ දේ පිළිබඳව හරියටම දැනුවත් වී නැහැ කියල පෙනුණු නිසා. ෆෝන් නැති උනාම ඒක හොයාගන්න පුළුවන් කම තියෙන්නේ නැති වුන Phone එක iPhone එකක් නම් විතරයි කියන මානසිකත්වෙන් ඉන්න අය හුඟක් ඉන්නවා. ඇත්තටම ඒක වැරදියි. Phone එක හොයාගන්න iPhone වල තියෙන්නෙ  Find My iphone කියල එකක්. Android දුරකථනයේ තියෙන්නේ, Android Device Manager කියන එකක්.. අපිට මේක භාවිතා කරල, (මේ හැමදේම කරන්න Phone එකේ Data ON කරල තියෙන්න ඕනි.)
  • නැතිවුණ Phone එකේ තිරය මතට Message එකක් යවන්න. 
  • Number එකක් දීල එකට Call ගන්න කියන්න. 
  • Phone එකට Password එකක් දාල Lock කරන්න.
  • Phone එක Ring කරවන්න. ( ළගපාතක තියෙනවනම් හොයාගන්න පුළුවන් නියම වැඩේ තමයි මේක.)
  • Phone එක තියෙන්නෙ කොහෙද කියල Map එකෙන් බලන්න.
  • Phone එකේ තියෙන දේවල් සදහටම අයින් කරල දාන්න. ( මේ ක්‍රමයෙන් ඉවත් කරන්න පුළුවන් Phone එකේ Inbuilt Storage එකේ දත්ත විතරයි. Micro SD Card එකේ දත්ත ඉවත් වන්නේ නෑ. )
                                           වගේ දේවල් රාශියක් කරගන්න පුළුවන්.

අපි බලමු කොහොමද මේ දේවල්  කරගන්නේ කියලා..

ඔයාල අලුතෙන් Phone එකක් ගන්නකොට ඉස්සෙල්ලම Settings >> Security වලට ගිහිල්ල Android Device Manager කියන එකට Tick එකක් දාල Active කරගන්න. 


අලුතෙන් එන ගොඩක් ෆෝන් වලට මේ Option එක එනවා. මේක ෆෝන් එකේ නැත්නම් Play Store එකට ගිහින් Android Device Manager කියන App එක Download කරගන්න.


දැන් ඔයාගෙ Computer එකෙන් Phone එකට දාල තියෙන Google Account එකට Log වෙන්න. ( අනිවර්යයෙන් Phone එකට දාල තියෙන Gmail Account එකම දෙන්න. )

දැන් Browser එකේ වෙනම Tab එකක් Open කරගෙන Google Search වලට ගිහින් Where's my phone කියල Type කරල Search කරන්න. ඊට පස්සේ මෙන්න මෙහෙම පෙන්නාවි.

බලන්න මගේ Phone එකේ Model NO. එක SHV-E210K කියල පෙන්නනවා. දැන් ඔය පේන Message එක Allow කරන්න. ඊළඟට මෙහෙම පෙන්නාවි.



මේ Ring කියන Icon එකෙන් අපේ Phone එක Ring කරවන්න පුළුවන්.


මේ Lock කියන එකෙන් අපේ Phone එකට Password එකක් දාල Lock කරවන්න පුළුවන්. ඒ වගේම Recovery Message කියන තැන අපි Type කරන Message එක Display එකේ පෙන්නනවා. Phone Number කියන තැනට ඕනි නම් ඔයාව Contact  කරගන්න පුළුවන් Number එකක් දෙන්න. ඊට පස්සේ Lock කියන එක ඔබල Lock කරගන්න. ඊටපස්සේ ඔයාගේ ෆෝන් එක මොන දිපන්කරේ තිබ්බත් Automatically Lock වෙලා ඔයා Type කරපු Message එකයි. දීපු නොම්මරේට Call ගන්න පුළුවන් Icon එකකුයි විතරක් මෙන්න මෙහෙම පෙන්නනවා. 


Erase කියන එකෙන් අපිට Phone එකේ තියෙන Data සියල්ලම මකල දාන්න පුළුවන්.  Erase කරන වෙලාවෙදි ෆෝන් එකේ Data ON කරල තිබුනොතින් එවලෙම Erase වෙනවා.එහෙම නැත්නම් Data ON කරපු වෙලාවකදි  Erase වෙලා යනවා. 


දැන් බලමු ඉන්න තැන හොයාගන්නේ කොහොමද කියලා.. ඒකට Data විතරක් ON කරල තිබීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නෑ. එකට Location එක මේ විදිහට ON කරල තියෙන්න ඕනි.


ඊටපස්සේ Computer එකෙන් මේ පහළ පෙන්නල තියෙන Icon එක ඔබල Phone එක තියෙන තැන Search කරගන්න. 


තත්පර ගාණකින් Phone එක තියෙන තැන මේ විදිහට හරියටම පෙන්නාවි.



Phone එකේ සියලුම Functions එකම තැනකදි පරික්ෂා කර දෝෂ සහිත කොටස් ඇත්දැයි බලාගමු..

   

          

         මේක තමන්ටම තමන්ගේ මොබයිල් ෆෝන් එක පරික්ෂා කරගන්න පුළුවන් ක්‍රමයක්. මේක Used මොබයිල් ෆෝන් එකක් මිලදී ගන්න යන කෙනෙකුට ගොඩක් වැදගත් වෙනවා. අපි දන්නේ නෑනේ අපි ගන්න යන Phone එක හොඳ එකක්ද? එහෙම නැත්නම් ජරාවක්ද කියලා.. අපිට ඒක ක්ෂණිකව හොයාගන්න මේ ක්‍රමයෙන් පුළුවන්.



 


  1. *#0*#
  2. *#7353#
      මට තියෙන්නේ SAMSUNG Galaxy S3 එකක්.. බලන්න, මගේ Phone එකට Code දෙකම වැඩ.

























  1.  *#*#3424#*#*


  1.   *#*#7378423#*#*


  1.   *#*#3646633#*#*


  1.  3845#*Model Number#
උදා .  LG P970 දුරකතනයක නම් පහත පරිදි Type කළ යුතුය.
          3845#*970# 

      
       Chinese දුරකථන සඳහා...
       *#66*#


Sunday, October 2, 2016

ෆෝන් එකේ සේරම ඇප් ටික හැමදාටම Backup කරල තියාගමු..


            අද කියල දෙන්න යන්නේ ඔබට බොහෝ සෙයින් වටිනා කාරණයක් ගැන.. අපි බලමු කොහොමද අපේ දුරකථනයේ තියෙන Apps  ටික කොහොමද එකවර Backup කරගන්නේ කියලා. මේ සඳහා බොහෝ Apps  වර්ග Play Store එකේ දක්නට ලැබුනත් අද මම කියල දෙන්නේ Apps Backup Restore කියන App  එක හරහා කොහොමද  මේ දේ කරගන්නේ  කියල.

                 මෙම ඇප් එක මගින් ඔබට ෆෝන් එකේ Apps ටික Backup කරගැනීමේ පහසුකම මෙන්ම Bluetooth හෝ WI -FI මගින් වෙනත් දුරකථනයකට Share කරගැනීමේ පහසුකමද මෙමගින් ඔබට ලබාදෙනවා. ඇත්තටම අපිට මේක ගොඩක් වෙලාවට වටින්නේ අපේ දුරකථනය Format කරගන්න ගියාම. අපේ දුරකථනය Format කරනවිට අපි දුරකථනයට අලුතෙන් දාපු සියලුම ඇප්ස් අපිට අහිමි වෙනවා වගේම දුරකතය අලුතෙන් ගන්නකොට Phone එකේ තිබුණු ඇප්ස් වල සියලුම අප්ඩේට් අපිට අහිමි වෙනවා. මේ  හේතුව නිසා අපිට දුරකතනය Format කිරීමෙන් පසු  Play Store එකට නැවත ගොස් කලින් තිබුණු Apps ටික නැවත Install කරගැනීමට වනවා මෙන්ම ෆෝන් එකට එන Default ඇප්ස් ටික ඒ කියන්න අලුතෙන් ෆෝන් එක  ගන්නකොටම තියෙන ඇප්ස් ටික නැවත අලුත්ම Version එකට Update කරගැනීමට වෙනවා. මේ දේට සලකියයුතු Data ප්‍රමාණයක් වැයවනවා මෙන්ම ඔබගේ වටිනා කාලයද නිකරුනේ වැයකිරීමට සිදුවෙනවා. අපිට මෙම App එක භාවිතා  කොට සියලුම Apps ටික එලෙසින්ම  Backup කොට එය දුරකතනයේ නැවත Restore  කිරීමේ පහසුකම පවතිනවා. අපි පියවරෙන් පියවර බලමු මේ දේ කරන්නේ කොහොමද කියලා..





  • ඊටපස්සේ මෙන්න මෙහෙම Phone එකේ  දිස්වෙයි. ඒ  App එක උඩ Tap කරලා Open කරගන්න.




  • දැන් ඇප් එක Open කරගත්තම ඒක ඇතුලේ මෙන්න මෙහෙම පෙන්නයි. ඔය App කොටස Open කළහම අපේ ෆෝන් එකේ තියෙන සේරම Apps ටික ඔතන පෙන්නනවා. Archive කියන කොටසේදී පෙන්නන්නේ අපි Backup කරගත්තු Apps ටික. Media කොටසෙදි පෙන්නන්නේ අපේ දුරකතනයේ තියෙන සියලුම Media Files ටික.  දැන් App කියන කොටස Open කරගන්න. 


  • ඊටපස්සේ මෙන්න මෙහෙම අපේ Phone එකේ තියෙන හැම App එකක්ම පෙන්නයි. දැන් තමන්ට ඕනි App එක ඉස්සරහින් මේ විදියට Tick එකක් දාගන්න.

  • දැන් ඔය යටින් තියෙන Backup කියන එක ඔබල Backup කරගන්න.

  •  දැන් අපි Backup කරපු ටික වැටිල තියෙන්නේ Archive කියන කොටසට. දැන් මේ විදියට Archive කියන එක Open කරගන්න.

  • දැන් Archive කියන කොටසෙදි ඔබ Backup කරගනිපු සියලුම Apps ටික පෙන්නාවි. ඔබට ආපසු නැවත මෙම App එකක් Restore කරගැනීමට අවශ්‍ය වුවහොත් ඔබට අවශ්‍ය Apps ටික මේ විදිහට Select කරගන්න.
  • ඊටපසු Restore කියන එක ඔබා Restore කරගන්න.

  • මේ ගැනත් ඉගෙනගන්න.
                            අපි හිතමු අපිට ෆෝන් එක Format කරගන්න ඕනි කියල. එතකොට අපි මේ විදියට Apps ටික Backup කරලා තියාගත්තත් මේක Save වෙලා තියෙන්නේ Internal Memory එකට නිසා අනිවා මේ ටික නැතිවෙනවා. ඒක නිසා අපිට මේ Backup කරගනිපු Apps ටික අපේ Memory Card එකට දාගන්න වෙනවා. අපි බලමු ඒක කරන්නේ කොහොමද කියලා.
  • ඉස්සෙල්ලම ෆෝන් එකේ My Files  (ෆෝන් එකේ සියලුම ෆයිල් ටික පෙන්නන තැන ) වලට ගොස් Internal Memory එකේ ඇති App _Backup _Restore කියන Folder එක හොයාගන්න.



  • ඊට පස්සේ එක Open කරලා archived කියන Folder එක සොයාගෙන ඒක Open කරගන්න.


  • මෙවිට archived නම් Folder එක තුළ ඇති  ඔබ දැනට Backup කරගෙන ඇති සියලුම Apps ටික මෙතැන  පෙන්නාවි. දැන් ඔබට අවශ්‍ය Apps ටික තෝරාගෙන Memory Card එකට Copy කරගන්න.


දැන් ඔබට ඔබගේ දුරකථනය Format කලත්, ඔබ සතුව ඔබට අවශ්‍ය සියලුම Apps සුරක්‍ෂිතව පවතී.මෙම Apps ටික නැවත දුරකතනයේ Install කරගන්නා ආකාරය ඉගෙන ගැනීමට මෙතැන Click කරන්න.

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Best Web Host