Sunday, August 20, 2017

ගෙදර TV එක, AC එක ෆෝන් එකෙන් Control කරමුද?

 අද මම කියල දෙන්න යන්නේ ගෙදර තියෙන AC එක, TV එක, DVD Player එක, Projector එක වගේ එකී මෙකී නොකී බොහොමයක් උපාංගයන් පාලනය කරන Remote Controller එකක් විදිහට ඔයාගෙ ස්මාර්ට් ෆෝන් එක සකසගන්නේ කොහොමද කියලා. මේ සඳහා අපිට අපේ ෆෝන් එකේ IR Sensor එකක් තිබිය යුතු වෙනවා. මේක පොඩි LED එකක්. නමුත් බොහොමයක් දුරකතනවල මෙම IR Sensor එක පිහිටන්නේ නැහැ.

එතකොට මොනවගේ ෆෝන් වලටද මේ IR Sensor එක built-in විදිහට එන්නේ.

මෑත කාලයේ ජනප්‍රිය උන බොහොමයක් දුරකථන IR sensor එක සහිතවම නිපදවපු ඒවා. මම පහතින් එවැනි දුරකථන කිහිපයක් ඉදිරිපත් කරන්නම්..-

SAMSUNG GALAXY S4, SAMSUNG GALAXY S5, SAMSUNG GALAXY S6, SAMSUNG GALAXY S6 Edge, SAMSUNG GALAXY Note 3, SAMSUNG GALAXY Note 4,   

Huawei Honor 8, Huawei Honor 8 Pro, Huawei Honor 9, Huawei Mate 9, Huawei P9 Plus,  Huawei P10 Plus,            

LG G Flex 2, LG G4, LG G5, LG V10, LG V20

HTC One (M9), HTC One M9+

මේ IR Sensor එක ෆෝන් එකේ කොතැනද තියෙන්නේ..

මේක පිහිටලා තියෙන්නෙ ෆෝන් එකේ ඉදිරිපසට වෙන්න. පහලින් තියෙන පින්තුර ටික බලන්නකෝ.. එතකොට තේරුම් ගන්න පුලුවන්.







අපි කොහොමද දැනගන්නේ අපේ ෆෝන් එකට IR Sensor එකක් එනවද? නැත්ද? කියලා.


  • පහසුම ක්‍රමය තමයි www.gsmarena.com වගේ වෙබ් සයිට් එකකට ගිහින් ඔයාගෙ ෆෝන් එකේ Specification පරීක්ෂාකරන එක. ඔබේ දුරකථනයට IR Sensor එකක් එනව නම් අනිවාර්යයෙන් මෙම වෙබ් සයිට් එකේ ඔබේ ෆෝන් එකට අදාල තොරතුරු පෙන්වන තැන එය සඳහන් කරනවා.


  • අනිත් ක්‍රමය තමයි ZaZa Remote ඇප් එක Play store එකෙන් ඔයාගේ ෆෝන් එකට Install කරගෙන පරික්ෂා කරන එක. ඔයාගෙ ෆෝන් එකේ IR Sensor එකක් නැත්නම් එකේ ඉහලින් මේ වගේ Not Found IR කියල වැටෙනවා.


අපේ ෆෝන් එකට ඔය කියන Sensor එක එන්නෙ නෑනෙ. ඉතින් අපිට විකල්පයක් නැත්ද?

  ඔව් අද මම විශේෂයෙන් මේ Post එක ලියන්නේ ෆෝන් එකට IR Sensor එක ඇවිල්ල නැති. එත් තමන්ගේ ෆෝන් එක Remote Controller එකක් කරගන්න අසාවෙන් ඉන්න අය වෙනුවෙන්.
අපේ ෆෝන් එකේ IR Sensor එකක් නැති උනාට කමක් නැහැ. මේකට අපිට තියෙනවා IR Blaster කියල පොඩි ගැජට් එකක්.




මේ ගැජට් එක අපිට Ebay එකෙන් හරි, පිටකොටුවෙන් හරි මිලදී ගන්න පුලුවන්. රු.150ක් වගේ වෙන්නෙ. අපිට තියෙන්නෙ අපේ 3.5mm හෙඩ් ෆෝන් ජැක් එක සම්බන්ධ කරන තැනට ඕක සම්බන්ධ කරගෙන  ZaZa Remote ඇප් එක Play store එකෙන් දාගන්න විතරයි. ඔන්න දැන් ඔයාගෙ ෆෝන් එක රිමෝට් එකක්..

ZaZa Remote ඇප් එක මෙතැනින් Download කරගන්න.

මෙවිදිහට Download කරගන්න.


 Advance Settings වලට ගිහින් පහලින් පෙන්වල තියෙන විදිහට අගයන් ටික අනිවාර්යයෙන්ම සකසාගන්න.





අපිට ඕව හොයාගන්න අමාරුයිනේ. වෙන මුකුත් ක්‍රමයක් නැත්ද? ඔය වගේ එකක් හදාගන්න.

අපිට මේ ගැජට් එක හොයාගන්න අමාරුයි නම්, අපිට පුලුවන් මේ වගේ එකක් ගෙදරදීම හදාගන්න. අපි බලමු කොහොමද IR Blaster එකක් ගෙදරදීම හදාගන්නෙ කියල.

මොනවද අපිට ඕනි වෙන්නෙ?

* IR LED බල්බ් 2ක්   ( එකක් රු.20ක් වගේ වෙන්නෙ. ඕනෑම Electronic බඩු විකුණන කඩයකින් ගන්න පුලුවන්. මේවා නිල් සහ සුදු වශයෙන් වර්ණ 2කින් තියෙනවා. වර්ණය වැදගත් නැහැ. තියෙන එකක් ගන්න.  )

 සුදු වර්ණය සහිත IR LED බල්බයක්.
නිල් වර්ණය සහිත IR LED බල්බයක්.

* 3.5mm Stereo jack එකක්. ( රු.45ක් වගේ වෙන්නෙ මේක. මේකට 3 pole stereo ජැක් කියලත් කියනවා සමහර අය. )
* බවුත් එකක් ( Solder iron )

 * ඊයම් වයර් පොඩි කෑල්ලක්  ( Solder wire ) 


කොහොමද හදන්නේ..

මෙන්න Diagram එක.


ඒක ප්‍රයෝගිකව හදන්නෙ මෙන්න මේ විදිහට ( මේ රූප ටික හොඳට අධ්‍යනය කරන්න. )






 ඉස්සෙල්ලම IR LED බල්බ දෙකේ ධන අග්‍රයයි, ඍණ අග්‍රයයි මෙන්න මේ විදිහට හොයාගන්න.

LED බල්බයක දිග කම්බිය + අග්‍රය ලෙසත්, කෙටි කම්බිය - අග්‍රය ලෙසත් සලකයි.

  
බල්බයේ තුනී වී ඇති පැත්ත - අග්‍රය වනවා සේම තුනී නොවුන රවුම් වී ඇති පැත්ත + අග්‍රය වේ.
බල්බය අභ්‍යන්තරයේ විශාල වර්ගඵලයක් සහිත කොඩියක් වැනි කම්බි කොටස ඇති පැත්ත ඍන අග්‍රය වේ. අනෙක් කොටස ධන අග්‍රය වේ.

දැන් පළමු බල්බයේ + අග්‍රයට දෙවන බල්බයේ - අග්‍රය සිටිනසේත්, දෙවන බල්බයේ - අග්‍රයට පළමු බල්බයේ + අග්‍රය සිටිනසේත් මේ විදිහට සම්බන්ධ කරගන්න.



දැන් 3.5mm Stereo jack එක අරගෙන ඒකෙ ප්ලාස්ටික් ආවරණය ඉවත්කරගන්න. දැන් වයර් සම්බන්ධ කිරීමට සකසා ඇති දෙපැත්තේ තියෙන තහඩු කොටස්  2ට පහත රූපයේ පෙන්වල තියෙන විදිහට පාස්සගත්තු බල්බ දෙක සම්බන්ධ කරගන්න. ( Stereo jack එකට සම්බන්ධ කිරීමේදී  +, - භේදයක් අදාල වන්නේ නැහැ. )






බල්බ දෙක මේ විදිහට එකිනෙකට සමාන්තරව තිබිය යුතුයි.


 ඔන්න දැන් අපි අපේ IR Blaster එක හදාගෙන ඉවරයි. දැන් කම්බිකුරු පෙන්නේ නැති විදිහට වටේට ටේප් කෑල්ලක් අලවගන්න. ( අවශ්‍යම නෑ.. මේ විදිහට කැතයි වගේ කියල හිතෙන අයටයි ඒක කිව්වේ.. )

දැන් අර මම කලින් කියපු විදිහට ZaZa Remote ඇප් එක Play store එකෙන් අරගෙන Advanced Settings ටික හරියටම හදාගන්න..

කොහොමද අපි හදපු ගැජට් එක වැඩ කරනවද කියල බලන්නේ..

 දැන් අපි හදපු ගැජට් එක ෆෝන් එකට ගහගෙන ගෙදර TV එකට, AC එකට ගැලපෙන Remote එක ZaZa ඇප් එකෙන් හදාගන්න.. දැන් තව ෆෝන් එකක කැමරාව ON කරල අපි හදපු ගැජට් එකේ IR LED බල්බ දෙකෙහි ඉදිරි පස, කැමරාවෙන් පෙනෙන විදිහට හදාගෙන ZaZa Remote එකේ විවිධ බොත්තම් කිහිපයක් ටච් කරන ගමන් කැමරාවෙන් බලන්න ඒ IR LED බල්බ දෙක ලාවට පත්තු වෙනවද කියලා. හොඳට අඳුරු තැනකට ගිහින් බලන්න. නැත්නම් පෙනෙන්නේ නෑ.. පහත රුපය බලන්න..

1 රූපය - Remote එක නිවැරදිව ක්‍රියාත්මක නොවන අවස්ථාව ( බල්බය නොදල්වේ. )
2 රූපය - Remote එක නිවැරදිව ක්‍රියාත්මක වන අවස්ථාව ( බල්බය දැල්වේ )

ඔයාගෙ IR LED බල්බ දෙකත් මේ විදිහට ලාවට හරි පත්තු වෙනවනම් ඔයාගෙ ගැජට් එක සාර්ථකයි. දැන් ඉතින් තියෙන්නෙ හිතේ හැටියට  ඔයාගෙ ෆෝන් එක හරහා කැමති Device එකක් Control කරගන්න විතරයි.

සැලකිය යුතුයි.
ඉතාමත් කලාතුරකින් සමහර IR Blasters කැමරාවකට අල්ලා ඉහත විදිහට පරික්ෂා කිරීමේදී කැමරාවට LED බල්බ දෙක කිසිසේත්ම නොදල්වුනත් එය ඉතා නිවැරදිව විවිධ Devices සමඟ සම්බන්ධ වන අවස්ථා පවතී. එම නිසා කැමරාවට IR LED බල්බ දෙක අල්ලා පරික්ෂා කිරීමේදී ඉහත පරිදි බල්බ දෙක නොදල්වුනත් එය දෝෂ සහිත එකක් බවට Device එකක් සමඟ සම්බන්ධ කර පරික්ෂා කරනතුරු කිසිසේත්ම පුර්ව නිගමනයකට එළඹිය නොහැකියි.







0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Best Web Host