Tuesday, August 22, 2017

අලුත්ම Android OS එක ඕරියෝ ( Oreo 8.0)



මොකද අලුත්ම  Android 8.0 OS එකට Oreo කියල කියන්නේ?

Google සමාගම තම Android Operating  Systems හැම මොහතකම නම් කරන්නෙ ඉංග්‍රීසි හෝඩියේ අකුරු අනුපිළිවෙලට සහ පැණි රස කෑමක ( Sweet treats ) නමින්. ඉතින් ඔවුන් මේදා තෝරාගෙන තියෙන්නෙ ප්‍රසිද්ධ බිස්කට් එකක් වන ඕරියෝ කියන බිස්කට් එක.

Android OS නම් කරන හැටි වැඩිදුර ඉගෙනගන්න මෙතැනින් යන්න.

කවදද මේක නිකුත් කලේ?

Google සමාගම තම අලුත්ම android os එකේ beta version එක 2017 මාර්තු මාසයේ ඉදිරිපත් කලා. ඔවුන් මේක විශේෂයෙන් ඉදිරිපත් කරන්නෙ Apps Develop කරන අයට තමන්ගේ Apps අලුත්ම OS එකට ගැලපෙන ආකාරයට Develop කරගැනීම සඳහායි.
2017 අගෝස්තු 21 වන දින Google සමාගම නිළ වශයෙන් තම අලුත්ම Android OS එක වන Oreo (ඕරියෝ) ප්‍රසිද්ධ කලා.

කවදද මේක Phone වලට එන්නේ?

දුරකථන සමාගම් පවසන ආකාරයට කලින් තිබුන Android OS එක වන Nougat එක පවා තවමත් ලැබී ඇත්තේ Android පරිශීලකයින්ගෙන් 15%ක ප්‍රතිශතයකට පමණයි. එම නිසා Google සමාගම එය සැලකිල්ලට අරගෙන වෙනදට වඩා කාර්යක්‍ෂමව මෙය නිකුත් කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. කොහොම උනත් මෙම අලුත් OS එක මුලින්ම ලබාදෙන්නේ Google සමාගම විසින් නිකුත් කරන දුරකථන 2ක් වන Google Pixel හා Google Nexus කියන දුරකථන මාදිලි දෙකට පමණයි. නමුත් හැකි ඉක්මනින් අනෙක් දුරකථන සමාගම් වලටත් මෙය නිකුත් කරන්න ඔවුන් බලාපොරොත්තුවෙන් සිටිනවා.

මොනවද මේ Android Oreo එකට එන අලුත් විශේෂාංග ( Features ) 

  • අනෙක් දුරකතනවලට වඩා දෙගුණයක වේගයෙන් boot up වීමේ හැකියාව.
  • Background App activities අවම කිරීම.
  • Picture-in-Picture පහසුකම මඟින් App දෙකක් එකවර නැරඹීමේ පහසුකම. ( multi-windowing mode )
  • Notification dots මඟින් අලුතෙන් පැමිණි notification පෙන්වීම සහ Screen එක Swiped off කිරීමේ හැකියාව.
  • Android Instant ඇප්ස් Install කිරීමකින් තොරව ඔබගේ Browser එකෙන්ම Launch කිරීමේ හැකියාව.
  • Google Play Protect මඟින් Apps Scan කර ඔබගේ Device එක හා දත්ත ආරක්ෂා කිරීම.
  • Battery Life එක වැඩිදියුණු කර තිබීම.
  • අලුත් emoji වර්ග 60කට අධික ප්‍රමාණයක් ඉදිරිපත් කිර තිබීම.
මිට අමතරව තවත් බොහොමයක් පහසුකම් ඔබට මේ අලුත් Android Oreo OS එක හරහා අත්විඳින්න පුලුවන්.


Android 8.0 Oreo Video review එක පහළින් බලන්න.

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Best Web Host