Wednesday, June 28, 2017

Data අඩුවෙන් කැපෙන විදිහට Youtube වීඩියෝස් බලමු..


    අන්තර්ජාලය භාවිතා කරන ඔබට මට තියෙන දරුණුම ප්‍රශ්නයක් තමයි Data ප්‍රශ්ණය. ගොඩක් අය රු.99 ට Data කාඩ් එකක් දාගෙන ඒකට ලැබෙන 700mb, 800mb කොහොමහරි සති 2ක් 3ක් වත් යනකන් නිරුපද්‍රිතව තියාගන්න උපරිම උත්සාහ ගන්නවා. ඒ නිසා Youtube පාවිච්චිය තියා ඒ ගැන හිතන්නවත් ගොඩක් අය කැමති නෑ. ඒකට තියෙන හොඳම විසඳුම  Youtube භාවිතා නොකර ඉන්න එක නෙවෙයි. ඔයා බලන Youtube video එකේ Quality එක පුලුවන් තරම් අඩුකරගෙන බලන එක. මම උදාහරණ 2ක් අරගෙන ඔයාලට පැහැදිළි කරන්නම්. එතකොට ඔයාලටම මේ කතන්දරය තේරුම් ගන්න පුලුවන්.

මේ Video එක මිනිත්තු 18ක එකක්. හොඳට බලන්න. ඔයා MP4 720p HD කියන Quality එකෙන් බැලුවොත් ඔයාට 86.8 Mb කැපෙනවා. ඒ Video එකම 3GP 144p කියන Quality එකෙන් බැලුවොත් ඔයාට යන්නෙ 5.7 Mb ක් විතරයි.


මේක පැය 2යි මිනිත්තු 30 ක Video එකක්. දැන් ඔයාලම බලන්න ඒ Video එක විවිධ Video Quality වලට බලනකොට මෙගාබයිට් කීය ගානෙ කැපෙනවද කියලා.


කොහොමද අපි කැමති Video Quality එකට Youtube විඩියෝස් බලන්නේ..

ඉස්සෙල්ලම ඔයාට අවශ්‍ය Youtube වීඩියෝ එක Play කරලා ඒ Video එක උඩ පොඩ්ඩක් ටච් කරන්න. දැන් Video එක දකුණු පස ඉහළ කෙළවරේ තිත් තුනක් සහිත icon එකක් පෙන්නනවා. දැන් ඒක Click කරන්න.


ඊළඟට එන List එකේ Quality කියන එක තෝරන්න.



දැන් මේ වගේ විවිධ Video Quality වලින් යුතු Video format ලිස්ට් එකක් පෙන්නනවා. එකෙන් තමන් කැමති Video format එකක් තෝරගන්න.


Tuesday, June 27, 2017

Youtube, instagram හා facebook වීඩියෝස් එකම App එකකින් Download කරමු.

මම අද කියල දෙන්න යන්නේ Youtube වීඩියෝස් වගේම instagram හා facebook වල තියෙන Videos කොහොමද එකම ඇප් එකකින් Download කරගන්නෙ කියලා.Youtube Downloader App එක භාවිතා කරලා Youtube Videos ඔයාගේ Phone එකට Download කරගන්න විදිහ මම කලින් කියල දුන්න.

ඒක ආපහු බලන්න ඕනි නම් මෙතැනින් බලන්න.


මම අද භාවිතා කරන්න යන්නේ Videoder කියන ඇප් එක. අපි බලමු පියවරෙන් පියවර කොහොමද මේ Videos අපේ Phone එකට Download කරගන්නෙ කියලා. සාමාන්‍යයෙන් මේ ඇප් එක දැනට play store එකේ දකින්න ලැබෙන්නෙ නෑ. ( ඉදිරියේදි play store එකට මේ App එක ඇතුලත් කරාවි. ) ඒ නිසා අපිට ඒක පිටින් Download කරගන්න වෙනවා.

Videoder ඇප් එක මෙතැනින් Download කරගන්න.

ඇප් එකක් Phone එකට install කරගන්න විදිහ මෙතැනින් බලන්න.


දැන් මේ විදිහට install කරගත්ත ඇප් එක Open කරගන්න.




ඉස්සෙල්ලම අපි බලමු Youtube Videos අපේ ෆෝන් එකට Download කරගන්නෙ කොහොමද කියලා.

ඇප් එකේ Youtube අයිකන් එක උඩ Click කරන්න.


දැන් කැමති Video එකක් Search කරගන්න.


ඔබට Download කිරීමට අවශ්‍ය Video එක Play කරගන්න. දැන් Video එකට පහළින් මේ වගේ Download Icon එකක් දකින්න ලැබේවි. එක Click කරන්න.


දැන් මේ විදිහට Download link එක Generate කරගන්නවා පෙන්නයි.


Link එක Generate උනාට පස්සෙ විවිධ මෙගබයිට්ස් ( Mb ) ගණනින් යුතු විවිධ Videos Formats ලිස්ට් එකක් පෙන්නනවා. මෙගාබයිට් ගණන වැඩි Video එක Quality එකෙන් වැඩිම Video එක කියල අපි සමන්‍යයෙන් දන්නවනේ. දැන් තමන් කැමති Video Format එකක් තෝරගන්න.


දැන් මේ වගේ Message එකක් ආවම එකේ යටින්ම තියෙන Start Download කියන එක උඩ Click කරන්න.


දකුණු පැත්තේ ඉහළ කෙලෙවරේ මේ විදිහට Download Icon එකක් පෙන්නයි.ඒකෙන් කියන්නේ ඔයාගේ Video එක Download වෙන්න පටන්ගත්තා කියන එකයි.



අපිට ඒ Download අයිකන් එක උඩ Click කලාම දැනට Download වෙන Video එක වගේම කලින් Youtube, instagram හා facebook වලින් Download කරගනිපු සියලුම Videos ටික බලාගන්න පුලුවන්.

ඒ වගේම Video එක උඩ Click කරලා Download වෙන Videos තාවකාලිකව නතර කරන්න ( Pause ),


Pause කරපු Video එක Resume කරන්න,


ඒ වගේම Videos Delete කරන්න වගේ දේවල් කරගන්න පුලුවන්.

Download උනාට පස්සේ Phone එකේ Gallery එකට ගිහින් බලන්න. Videoder කියන Folder එක ඇතුලේ Download උන Video එක මේ විදිහට පෙන්නයි.



Instagram වීඩියෝස් Download කරගන්නෙ කොහොමද?

Instagram Icon එක උඩ Click කරන්න.


දැන් එන Message එකේ Open Instagram App කියන එක click කරලා Instagram Account එකට log වෙන්න.


දැන් Download කිරීමට අවශ්‍ය Instagram Video එක උඩ තියෙන තිත් තුනේ icon එකක් පෙන්නයි. ඒක Click කරන්න.


දැන් Share URL කියන එක click කරල Download link එක Generate වෙනකන් ඉන්න.


ඊළගට පහළින් පෙන්නල තියෙනව වගේ Message එකක් ඒවි. ඒකෙ තියෙන Download කියන එක උඩ click කරන්න.


දැන් Video එක Download උනාට පස්සේ Gallery එකට ගිහින් බලන්න. එතන Video එක පෙන්නනවා.

Facebook Videos Download කරන්නෙත් මේ විදිහටම තමයි. අපිට ඒකෙ තියෙන Videos පවා මේ ඇප් එක හරහා පහසුවෙන් Download කරගන්න පුලුවන්. ( මේ post එකේ දිග වැඩිවෙන හින්ද ඒක එකින් එක  පැහැදිළි කරන්න මම යන්නේ නැ. සරල දේවල් තියෙන්නේ. ඔයාල ඒක කරකවලම හොයාගන්න. ☺)





Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Best Web Host