Wednesday, June 28, 2017

Data අඩුවෙන් කැපෙන විදිහට Youtube වීඩියෝස් බලමු..


    අන්තර්ජාලය භාවිතා කරන ඔබට මට තියෙන දරුණුම ප්‍රශ්නයක් තමයි Data ප්‍රශ්ණය. ගොඩක් අය රු.99 ට Data කාඩ් එකක් දාගෙන ඒකට ලැබෙන 700mb, 800mb කොහොමහරි සති 2ක් 3ක් වත් යනකන් නිරුපද්‍රිතව තියාගන්න උපරිම උත්සාහ ගන්නවා. ඒ නිසා Youtube පාවිච්චිය තියා ඒ ගැන හිතන්නවත් ගොඩක් අය කැමති නෑ. ඒකට තියෙන හොඳම විසඳුම  Youtube භාවිතා නොකර ඉන්න එක නෙවෙයි. ඔයා බලන Youtube video එකේ Quality එක පුලුවන් තරම් අඩුකරගෙන බලන එක. මම උදාහරණ 2ක් අරගෙන ඔයාලට පැහැදිළි කරන්නම්. එතකොට ඔයාලටම මේ කතන්දරය තේරුම් ගන්න පුලුවන්.

මේ Video එක මිනිත්තු 18ක එකක්. හොඳට බලන්න. ඔයා MP4 720p HD කියන Quality එකෙන් බැලුවොත් ඔයාට 86.8 Mb කැපෙනවා. ඒ Video එකම 3GP 144p කියන Quality එකෙන් බැලුවොත් ඔයාට යන්නෙ 5.7 Mb ක් විතරයි.


මේක පැය 2යි මිනිත්තු 30 ක Video එකක්. දැන් ඔයාලම බලන්න ඒ Video එක විවිධ Video Quality වලට බලනකොට මෙගාබයිට් කීය ගානෙ කැපෙනවද කියලා.


කොහොමද අපි කැමති Video Quality එකට Youtube විඩියෝස් බලන්නේ..

ඉස්සෙල්ලම ඔයාට අවශ්‍ය Youtube වීඩියෝ එක Play කරලා ඒ Video එක උඩ පොඩ්ඩක් ටච් කරන්න. දැන් Video එක දකුණු පස ඉහළ කෙළවරේ තිත් තුනක් සහිත icon එකක් පෙන්නනවා. දැන් ඒක Click කරන්න.


ඊළඟට එන List එකේ Quality කියන එක තෝරන්න.



දැන් මේ වගේ විවිධ Video Quality වලින් යුතු Video format ලිස්ට් එකක් පෙන්නනවා. එකෙන් තමන් කැමති Video format එකක් තෝරගන්න.


0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Best Web Host