Monday, May 23, 2016

අපේ Android Phone එක හිතේ හැටියට වෙනස් කරගමුද? එන්න එහෙනම් Xposed Framework Install කරගන්න.


  Xposed Framework කියන්නේ අපේ Android දුරකථනයේ ROM එක නොහොත් OS එක අපිට කැමති විදිහට වෙනස් කරන්න හැකියාව ලබාදෙන App එකක්. මේ Xposed Framework වලට අමතරව Xposed Modules කියල තව විවිධ App වර්ග රාශියක් තියෙනවා. මේ දෙකේ වෙනස තමයි, අපි අවශ්‍ය වෙනස්කම් සිදුකරගන්න ඒ ඒ වෙනස්කම් වලට අදාලව විවිධ Xposed Modules වර්ග Install කරනවා. නමුත් ඒක දුරකථනයේ ස්ථාපනය කලා කියල ඒකෙන් වැඩකරන්න පුලුවන් කමක් නැහැ. මොකද Root කලාම ලැබෙන SuperUser අවසරය ලැබුනට විතරක් ඒක වැඩ කරන්නේ නෑ.ඒකට අවශ්‍ය විදියට ක්‍රියාත්මක වෙන්න තව අවසරයක්, එහෙම නැත්නම් තව වැඩසටහනක සහයෝගයක් ලැබෙන්න ඕනි. අපි දාගන්න විවිධ Xposed Modules වලට නිසිලෙස ක්‍රියාත්මක වීමට අවශ්‍ය සහයෝගය ලබාදෙන අනෙක් වැඩසටහන තමයි මේ Xposed Framework කියන්නේ. ඒ නිසා මුලින්ම අපි මේ Xposed Framework App එක දුරකථනයේ Install කරගෙන හරියාකාරව Active කරගත යුතුයි. දැන් අපි බලමු මේ Xposed Framework App එක දුරකථනයේ
Install කරගෙන Active කරගන්නෙ කොහොමද කියලා.

  • මුලින්ම Phone එක Root කරගෙන ඉන්න.

දැන් Xposed Framework App එක Open කරගන්න. Phone එකේ Data Connection එකත් On කරගන්න.


Open කරගත්තම ඉහළ රූප සටහනේ විදිහට පෙන්නයි. දැන් ඒකෙ Framework කියන එක ඔබන්න. 


දැන් මේ active කියන තැන රතු පාට ඉරි දෙකක් විතරක් තියෙනවා ඔයාලට පෙනේවි. ඒ කියන්නේ තවම Xposed Framework App එක ඔයාලගෙ Phone එකේ active වෙලා නෑ කියන එක. ( active උනාම ඔය රතුපාට ඉරි දෙක වෙනුවට එතන කොළ පාටින් ඉලක්කම් වැටිල තියෙන්න ඕනි. එහෙම උනාම තමයි අපි දැනගන්නේ  Xposed Framework App එක active උනා කියලා.) දැන් අපි බලමු මේක active කරගන්නෙ කොහොමද කියලා.

දැන් මේ පහළින් පෙන්නල තියෙන විදිහට Install/Update කියන එක ඔබන්න. (මතක තියාගන්න Phone එකේ Data On කරලා තියෙන්න ඕනේ.)


මේ විදිහට SuperUser request එකක් ආවොතින් ඒක මේ පහළින් පෙන්නල තියෙන විදිහට Grant කරන්න.




ඊට පස්සෙ ටිකකින් මේ වගේ Message එකක් ආවොතින් ඒක OK කරන්න. 


දැන් Phone එක Restart වේවි. ඊට පස්සෙ බලන්න මේ පහළින් තියෙන එකේ විදියට active කියන තැන කොළපාටින් ඉලක්කම් වැටිලද කියලා.



active කියල තියෙන තැන මෙහෙම කොළපාටින් ඉලක්කම් වැටිල තියෙනවනම් ඒ කියන්නේ ඔයාල සාර්ථකව Xposed Framework App එක Install කරගෙන Active කරගෙන තියෙනව කියන එක.

දැන් ඉතින් තියෙන්නෙ එක එක Xposed Modules දාගෙන Phone එකට ලස්සනට වැඩ කෑලි දාගන්න එක. ඉදිරි Post වලින් මම ඔයාලට කියල දෙන්නම් කොහොමද  Xposed Modules දාගෙන Phone එක ලස්සනට හදාගන්නෙ කියලා. එහෙනම් හැමෝටම ජයවේවා..

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Best Web Host