Saturday, November 26, 2016

ෆෝන් එකෙන් යාලුවන්ට WIFI දෙමු. ( ෆෝන් එකේ wifi hotspot එකක් නිර්මාණය කිරීම ) ...


 අද මම ඔයාලට කියල දෙන්න යන්නේ ඔයාගෙ Android ෆෝන් එක කොහොමද Wifi hotspot එකක් කරගන්නෙ කියල. අපි හිතමු ඔයාගේ ෆෝන් එකේ Data ඉවරයි නමුත් ඔයාට හදිස්සියෙම Internet එකෙන් මොනවහරි දෙයක් Download කරගන්න ඕනි වුනා කියලා. ඒ වෙලාවට ඔයාට මේක සෑහෙන්න වටිනවා. ඔයාට පුළුවන් යාළුවගේ Android ෆෝන් එක මේ විදිහට wifi  hotspot එකක් කරල  ඔයාගේ ෆෝන් එකෙන් ඕනි දෙයක් Download කරගන්න. ඒ විතරක් නෙවෙයි. ඔයාගේ ෆෝන්  එකට System Update එකක් ආවහම ඒක Update කරගන්න Wifi විතරක් ඉල්ලනවනම් වෙන ෆෝන් එකකින් මේ විදිහට හොට්ස්පොට් එකක් නිර්මාණය කරගෙන ඔයාගේ ඒ System Update එක කරගන්නත් පුළුවන්. 
  • හරි.. දැන් බලමු ඔයාගේ ෆෝන් එකෙන් පිටට wifi දෙන්නෙ කොහොමද කියලා. ඉස්සෙල්ලම ඔයාගේ Phone එකේ Data Connection එක ON කරගන්න.

  • දැන් Settings වලට යන්න.
  • එකෙ Connections කියන එක යටතේ තියෙන More Networks වලට යන්න. 

    • දැන් Tethering & Mobile Hotspot කියන එක තෝරන්න. සමහර ෆෝන් වල මේ පිළිවෙල වෙනස් වෙන්න පුළුවන්. කොහොම හරි මේ Tethering & Mobile Hotspot කියන එක හොයාගන්න.


    • දැන්  ඒක උඩ ටච් කරලා enable කරගන්න. එතකොට මේ වගේ Message එකක් අවොතින් ඒක Ok කරගන්න.
    • දැන් මේ විදිහට කොළ පාට Mark එකක් වැටිලා wifi හොට්ස්පොට් එක සාර්ථකව නිමවුන බව පෙන්නයි. තව මේ විදිහට ඉහළින්ම wifi hotspot මාර්ක් එකකුත් වැටිලා තියෙනව පෙන්නාවි ..  
    • එහෙම නැත්නම් මෙතනට ගියාමත් wifi hotspot එක active වෙලා තියෙනවා පෙන්නාවි.

    දැන් තියෙන්නෙ Phone ඒකෙන් හරි ලැප්ටොප් එකෙන් හරි සාමාන්‍ය විදිහට wifi search කරලා internet යන එක.
    දැන් අපේ wifi hotspot  එක තියෙන්නේ wifi search කරන ඕනි කෙනෙකුට connect වෙලා ඉන්ටෙර්නෙට් යන්න පුළුවන් විදිහට. එහෙම උනොත් අපි නොදන්න අයට උනත් හොරාට connect වෙන්න පුළුවන්. එතකොට අපේ Data ටිකට නම් sorry තමා. එක නිසා අපි බලමු මේකට Password එකක් යොදන්නේ කොහොමද කියල.
    • ඔයාලගේ හොට්ස්පොට් එක active කල තැන තියෙන Configure කියන එක ඔබන්න.

    • දැන් Security කියන තැන තියෙන්නේ Open කියල. ඒක නිසා තමයි හැම කෙනාටම අපේ wifi භාවිතා කරන්න පුළුවන්. දැන් Open කියන එක උඩ ටච් කරන්න.

    ඊටපස්සෙ මේ වගේ  WPA 2PSK කියල එකක් ඒවි. සමහර ෆෝන් වල නම වෙනස් විදියක් වෙන්නත් පුළුවන්. කොහොමහරි මේ වගේ නමක් තමයි එන්නේ.. දැන් ඒක උඩ ටච් කරන්න.

    • දැන් එතන පෙන්නන password කියන එකට අවම ඉලක්කම් 8ක් හෝ වැඩි ගණනක් දෙන්න. ඊටපස්සේ Save කරන්න.

    දැන් Computer එකෙන් හරි තව Phone එකකින් හරි wifi search කරල password එක ඉල්ලනකොට ඒකත් දීල සාමාන්‍ය විදිහට Internet යන්න.












    Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

     
    Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Best Web Host