Wednesday, August 23, 2017

කියවන නවකතා වෙනුවට අහන නවකතා..



සුප්‍රසිද්ධ නවකතා කතුවරයකු වන සුජීව ප්‍රසන්න ආරච්චි මහත්මයා භාෂා ලංකා ආයතනයත් සමඟ එකතු වී Smart Phone සඳහා නිෂ්පාදනය කල නවතම වැඩසටහන තමයි මේ කෝමල් කියන ඇප් එක. මේක තමයි ලංකාවේ ප්‍රථම Audio Book App එක හෙවත් ප්‍රථම නවකතා ශ්‍රවණ යෙදුම. මෙම ඇප් එක භාවිතයෙන් ඔබට දැන් නවකතා කියවනව වෙනුවට නවකතා අහගෙන ඉන්න පුලුවන්. මමත් මේ App ප්‍රයෝගිකව භාවිතා කලා. ඇත්තටම මේක පුදුම ලස්සන වැඩසටහනක්. ඔයාලත් මේකෙ අත්දැකීම මොහොතක් හරි විඳගන්න කියල මම ආරාධනා කරනවා. මෙම ඇප් ඒකේ විශේෂ ලක්ෂණ කිහිපයක් තියෙනවා. අපිට නවකතාවක් Download කර ගැනීමට පෙර අපිට එහි එක Chapter එකක් Trailer Clip එකක් විදිහට අහන්න අවස්ථාව සලසා දෙනවා. අපිට එකෙන් එක Chapter එකක් නොමිලේ අහන්න පුලුවන්. අපි ඒකට කැමති නම් පමණක් අපිට සම්පුර්ණ නවකතාවම Download කරගෙන අහන්න පුලුවන්. අනිත් කාරණය තමයි. අපි මේ නවකතාව Download කරගත්තට අවශ්‍ය වෙලාවට Player එකකින් අහනවා වගේ මුල ඉඳන් අහන්න පුලුවන්. නැත්නම් කැමති Chapter එකක ඉඳන් Play කරන්න පුලුවන්. මේ ඇප් එක Update කිරීම මඟින් ඔබට අලුත් නවකතා එක්කරගන්න පුලුවන්.

කෝමල් ඇප් එක මෙතැනින් Download කරගන්න.

අපි බලමු මේ ඇප් එකෙන් නවකතාවක් Download කරගන්නෙ කොහොමද? කියලා.




අපිට කැමති නවකතාවක් තෝරාගෙන එය මිලදී ගැනීමට පෙර Listen Trailer කියන එක ටච් කිරීමෙන් එම නවකතාවේ එක පරිච්ඡේදයක් Trailer Clip එකක් විදිහට අහන්න පුලුවන්.


Buy Now කියන එක තේරීමෙන් පසුව ඔබට පහත පරිදි අලුත් Window එකක් Open වෙනවා. මෙහිදී ඔබ ගෙවීම් කටයුතු කරන්නෙ Credit Card එකෙන්ද? නැතහොත් ඔබගේ Dialog පෙර ගෙවුම්/ පසු ගෙවුම් සම්බන්ධතවයෙන්ද යන්න තීරණය කරන්න පුලුවන්. මම මෙහිදී තෝරාගන්නේ මගේ Mobile Bill එක.


ඔබට Dialog දුරකථනයක් ඇත්නම් එහි අංකය හෝ ඔබ Dialog පාරිභෝගිකයකු නොවේනම් ඔබගේ මිතුරකුගේ දුරකථන අංකය මෙතැනට ඇතුලත් කරන්න පුලුවන්. (පොතේ මිලට සමාන හෝ වැඩිපුර ගිණුම් ශේෂයක් ඔබේ දුරකථනයේ හෝ මිතුරාගේ දුරකථනයේ පැවතිය යුතුයි.)


දැන් ඔබ සඳහන් කල දුරකථන අංකය සහිත දුරකථනයේ Text Message Box එකට මේ විදිහට PIN අංකයක් ලැබෙනවා.



එම PIN අංකය පහත Message Box එකේ Type කරල Done කියන එක ටච් කරන්න.


දැන් ඔබට පහත පෙන්වල තියෙන විදිහට කැමති පරිච්ඡේදයක් කැමති විටෙක හෝ  පරිච්ඡේද සියල්ල එකවර Download කරගන්න පුලුවන්. අහල ඉවරවෙලා අනවශ්‍ය නම් Delete කරගන්න පුලුවන්. (ඔබ මෙහි  පරිච්ඡේද සියල්ල Delete කලද  ඔබ මිලදී ගත් නවකතාව නැවත ඔබට මිලදී ගැනීමට අවශ්‍ය වන්නේ නැහැ.)


දැන් ඔබ මිලදී ගත් නවකතා සියල්ල අනෙක් නවකතා වලින් වෙන්කර මිළදී ගත් නවකතා යනුවෙන් වෙනම කොටසක පෙන්වනවා.


දැන් ඔබ මිලදී ගත් නවකතාව තෝරාගැනීමෙන් Play Now කියන එක තේරීම මඟින් ඔබ Download කරගත් Chapters සියල්ල එකවර ධාවනය කළහැකි මෙන්ම Show Chapters යන්න තේරීම මඟින් ඇසීමට අවශ්‍ය  පරිච්ඡේදය පමණක් තෝරාගත හැකියි.




0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Best Web Host