Monday, September 18, 2017

දැනගෙන Data පාවිච්චි කරමු...



   අද ගොඩක් අයට පොදුවේ තියෙන ප්‍රශ්ණයක් ගැන තමයි මම කතා කරන්න යන්නේ. ඒ වගේම ඒකට දැනට තියෙන හොඳම විසඳුමකුත් ඔයාට ඔයාට මේ Post එක හරහා ලබා දෙන්න උත්සාහ කරනවා. සාමාන්‍යයෙන් අපි Data Card එකක් දාගෙන Facebook, YouTube, Instagram වගේ Account එකක් විනාඩි 30ක් 40ක් විතර භාවිතා කලොත් අපේ Data කොච්චර කැපෙනවද කියලා ඔයා අත්දැකීමෙන්ම දන්නවා ඇති. අපේ භාෂාවෙන් කිව්වොත් Data කැපෙනවා නෙවෙයි. මේ ඇප් වලින් Data බොනවා. තවත් මේ වගේ ඇප් බරගානක් තියෙනවා. මෙම ගොඩක් ඇප් වල Data කැපෙන එක තීරණය වෙන්නෙ ඔයා ඒක භාවිතා කරන ආකාරය සහ භාවිතා කරන කාලය අනුව තමයි. දැනටමත් ඔයා දන්නවා ඇති ඔයාහේ Android දුරකථනයේ Settings වල Data Usage කියල එකක් තියෙනවා කියලා. ඒකෙන් අපිට පුලුවන් Data Usage Limit එකක් හදන්න. Background Data භාවිතය සීමා කිරීම වගේ දේවල් කිහිපයක් කරගන්න.



නමුත් මම අද ඔබට කියල දෙන්න යන්නේ මෙම දේවල් ඉතා පහසුවෙන් ආරක්ෂාකාරීව හා වඩා කාර්යක්‍ෂමව කර ගත හැකි සුපිරිම සුපිරි App එකක් ගැන. ඒ ඇප් එක තමයි Protect කියන ජනප්‍රියම Application එක.


මොනවද මේ ඇප් එකෙන් කරන්න පුලුවන් දේවල්?..

1. එක් එක් ඇප් එක වෙන වෙනම භාවිතා කලයුතු Data ප්‍රමාණය අපිට කලින්ම තීරණය කරන්න පුලුවන්. ඒ කියන්නේ Data limit හදාගන්න පුලුවන් කියන එක. ඒ වගේම Data limit එකට ආවම අපිට ඒක පහසුවෙන්ම extend කරගැනීමේ හැකියාව තියෙනවා.




2. එක් එක් ඇප් එක දිනක් තුල භාවිතා කරන ලද Data ප්‍රමාණය වෙන වෙනම පෙන්වීම.


3. ඔබ දිනක් තුල භාවිතා කරන ලද සම්පුර්ණ Data ප්‍රමාණය පෙන්වීම.


4. එක් එක් ඇප් එකෙහි Background Data භාවිතය වෙන වෙනම නැවත්වීම.


5. අපි කැමති ඇප්ස් වෙන වෙනම wifi හරහා පමණක් භාවිතා කළ හැකි ආකාරයට සැකසීම.

6. තමන්ගේ පෞද්ගලික තොරතුරු හා රහස් මුරපද ආදිය අන්තර්ජාලය තුලදී අනවශ්‍ය පුද්ගලයන් අතට පත්වීම වැළක්වීම.


දැන් පේනවා නේද අපිට මේ ඇප් එකෙන් User friendly විදිහට කොපමණ වැඩ කොටසක් කරගන්න පුලුවන්ද කියලා..දැන් ඉතින් ඔයත් මේ ඇප් එක ෆෝන් එකට දාගෙනම මේ අත්දැකීම විඳගන්න.

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Best Web Host