Saturday, February 18, 2017

ඩොන්ගල් එක ෆෝන් එකට ගහගෙන ෆෝන් එකෙන් Internet යමු....




   අපේ ෆෝන් එකට Dongle එක ගහගෙන ෆෝන් එකෙන්ම Internet යන්න පුලුවන් නම් කොහොමද?  අද මම ඔයාලට කියල දෙන්න යන්නේ ඒ ගැන.ඔයාලට මතක ඇති කලින් විවිධ ක්‍රම භාවිතා කරල Internet යන්න පුලුවන් ක්‍රම මම කියල දුන්නා..    දැන් අපි බලමු අපේ ෆෝන් එකට නිසියාකාරව ඩොන්ගල් එක සම්බන්ධ කරගෙන ඉන්ටර්නෙට් යන්නෙ කොහොමද කියල. ඉස්සෙල්ලම මෙන්න මේ ටික සපයාගන්න ඕනේ..
  1. Root කරන ලද ස්මාර්ට් දුරකථනයක්
  1. ඩොන්ගල් එකක්
  1. OTG Cable එකක් හෝ OTG Connector එකක්
  දුරකථනයක් රූට් කරගන්නෙ කොහොමද කියල මම කලින් Post වලින් කියල දීල තියෙනවා.. නැවත ඒවා බලන්න ඕනි නම් පහල ඒවා උඩ Click කරල ඒවා නැවත බලන්න,    දැන් ඔය කළමනා ටික සේරම හරි නම් අපි බලමු කොහොමද මේ දේ කරන්නෙ කියල..
ඉස්සෙල්ලම Play Store එකට ගිහින් PPP Widget 3 කියන ඇප් එක Download කරගන්න.
 Play Store එකට මෙතැනින් යන්න..



   දැන් ඒක Download වෙලා Install වෙලා තියෙන්නෙ Widget කියන කොටසෙ.  [ Apps පෙන්වන තැන මේක පෙන්වන්නෙ නෑ. ] දැන් Widget කියන එකට ගිහින් PPP Widget 3 කියන එක හොයාගෙන එක Drag & Drop කරල එක ෆෝන් එකේ ඉස්සරහට දාගන්න..


ඒක ෆෝන් එකේ ඉස්සරහ මෙවිදිහට පෙන්වන්න ඕනි.


දැන් Dongle එක OTG Connector එකට සම්බන්ධ කරගෙන ඒක ෆෝන් එකට සම්බන්ධ කරගන්න.


ඊට පස්සෙ මේ විදිහට Superuser Request එකක් ඉල්ලුවොතින් එක Grant කරන්න. ( සමහර ඒවගේ එන්නෙ Grant කියල නෙවෙයි Allow කරන්න කියල. එතකොට එක Allow කරන්න.) 


දැන් PPP Widget 3 කියන App එකේ Configure කියන එක ඔබන්න.


දැන් මේ වගේ Message එකක් ආවොතින් එක OK කරන්න.  ( සමහර දුරකථන වල Configure කියන එක එබුවෙ නැතත්  Superuser Request එක Grant කරපු ගමන් මේ Menu එක නිකන්ම එනවා. )


ඊට පස්සේ මේ වගේ Menu එකක් ඒවි. එකේ තියෙන Profile Name කියන එක උඩ මේ වගේ tap කරන්න.



දැන් Profile Name කියන එකට m අකුර ( සිම්පල් m අකුර ) type කරන්න.


ඊට පස්සේ Access Point Name කියන එක උඩ Tap කරන්න.

දැන්  Access Point Name කියන එකටත් කලින් වගේ m අකුර type කරන්න.


ඊට පස්සෙ කලින් menu එකට ආපහු එයි.එකේ තියෙන Open Browser With Modem Page ... කියන එකට වැටිල තියෙන හරි ලකුණ ඒ විදිහටම තියෙන්න දෙන්න,


දැන් වැඩ ටික සේරම හරි..  දැන් PPP Widget 3 ඇප් එකේ තියෙන Connect කියන එක උඩ ඔබන්න..


දැන් Network Build වෙනව කියල උඩින් මේ විදියට පෙන්නයි.


දැන් Dongle එක අපිට හරියටම Internet යන්න පුලුවන් විදිහට Connect උනාම මේ විදිහට Connected කියල පෙන්නයි. ( තව WIFI මාර්ක් එකකුත් වැටිල තියෙනව පෙන්නයි )  


දැන් අපිට ෆෝන් එකෙන් මේ විදිහට කැමති Browser එකක් Open කරගෙන Internet යන්න පුලුවන්..


Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Best Web Host