Saturday, August 19, 2017

සිංහල Voice Typing ගැන හැම දෙයක්ම..

  Google ආයතනය විසින් ලක් වාසීන් වන අපට දින කිහිපයකට පෙර ලබා දුන් සුපිරිම සුපිරි නැවුම් අත්දැකීම තමයි සිංහලෙන් Voice Typing කිරීමේ හැකියාව ලබා දීම. ඇත්තටම මෙම පහසුකම නිසා ඔබට මට තවත් ඇඟිලි රිදෙනකන් සිංහල යතුරු පුවරු භාවිතා කරමින් ටයිප් කරන්න තවදුරටත් අවශ්‍ය වන්නේ නෑ. මෙහි තියෙන විශේෂ ලක්ෂණයක් තමයි අපි කතා කරන වේගයෙන්ම ඉතා ගැඹුරු වචන පවා ඉතාමත්ම නිවැරදිව ස්වයන්ක්‍රියවම Type වීමේ හැකියාව. මම උදාහරණයක් විදිහට සිංහල භාෂාවේ ලිවීමට අපහසු වචන කිහිපයක් සිංහලෙන් Voice Typing කරල පෙන්නන්නම්.


දැන් පේනවා නේද මේක කොච්චර සාර්ථකද කියලා. ගොඩක් අය දැනටම මේක තමාගෙ ෆෝන් එකට හදාගෙන භාවිතා කරනවා. එත් Jelly Bean, Kit Kat වගේ Lollipop Operating System එකට පහලින් ධාවනය වන බොහෝ Smart Phone තියෙන අයට මේක හරියටම වැඩකරන්නෙ නැතිව යන්න පුලුවන්. ඒ අයත් දුක්වෙන්නෙපා. මේ පෝස්ට් එක හොඳට කියවන්න. එතකොට තේරෙයි කොහොමද හදාගන්නෙ කියල. මම ඒ දේ අන්තිමට කියල දෙනවා.   

කොහොමද මේක අපේ ෆෝන් එකට හදාගන්නේ..

  ඔව් අපි දැන් කතාකරන්න යන්නේ ඒ ගැන. ඉස්සල්ලම ඔයා Play Store එකට යන්න. ඒකෙ තියෙන Google Text-to-speech කියන ඇප් එක Update කරගන්න. ( දැනටම Update කරලනම් ඉතින් අවුලක් නෑ.)


දැන් ආපහු Play Store එකට ගිහින් Gbord කියල Type කරල Gbord එක නොහොත් Google Keyboard එක ඔයාගේ ෆෝන් එකේ පහත පෙන්වල තියෙන විදිහට Install කරගන්න. ( Gbord එක දැනටම ෆෝන් එකේ තියෙන අය ඒක Update කරගන්න.)   


දැන් Accept කියන එක Click කරන්න.


Download වෙලා Install වෙනකන් පොඩ්ඩක් ඉන්න.


Open කියන එක ඔබන්න.


ENABLE IN SETTINGS කියන එක උඩ ට්ච් කරන්න.


මෙතැනින් Gbord කියන එකට ටික් එක දාගන්න.


ඊටපස්සෙ මේ වගේ message එකක් එනවා. ඒක Ok කරන්න.


දැන් SELECT INPUT METHOD කියන එක උඩ ටච් කරන්න.


දැන් Gbord කියන එක මේ විදිහට තෝරන්න.


දැන් එන Message එක DONE කරන්න.


දැන් Keyboard settings තියෙන Menu එකක් Open වේවි. ඉස්සෙල්ලම Languages කියන එක උඩ ටච් කරන්න.


 ඒකෙ තියෙන Use system language කියන එකට වැටිල තියෙන ටික් එක අයින් කරන්න.


දැන් පහල තියෙන Language වලින් සිංහල Language එක තෝරන්න. ( මෙතැනදී මම ඒක පෙන්වල නෑ. ඔයා List එකෙන් සිංහල භාෂාව තෝරගන්න. ) 
සැ.යු. :- Lollipop වලින් පහල OS තියෙන අය බොහොමයකගේ මෙතැන සිංහල language එක පෙනන්නේ නෑ. කමක් නෑ.. ඒ අයත් මේකෙ තියෙන විදිහට ඉදිරි පියවර ටික කරන්න.


ආපහු Keyboard Settings වලට ඇවිත් එතන තියෙන Voice typing කියන එක තෝරන්න.


දැන් ඒක උඩ ටච් කලාට පස්සෙ පහලින් පෙන්වල තියෙන විදිහේ Menu එකක් එනවා. එකෙ තියෙන Languages කියන එක තෝරන්න.


 දැන් එකේ English කියන Language එක උඩ Automatically ටික් එකක් වැටිල ඇති.


දැන් ඒ ටික් එක උඩ ටච් කරල මේ විදිහට ටික් එක අයින් කරගන්න. ( අනිවාර්යයෙන්ම ටික් එක අයින් කරගන්න. මොකද අපිට අවශ්‍ය වන්නේ සිංහල Language එක පමණයි. )


දැන් ඒ Languages ලැයිස්තුවේ ඇති ''සිංහල'' කියන Language එක තෝරන්න.


දැන් Save කරගන්න. 


ඔන්න දැන් වැඩේ හරි.. ☺☺☺☺
දැන් ඔයාට සිංහල Voice typing කිරීමට අවශ්‍ය තැනට යන්න. Facebook, Viber, Imo, WhatsApp, Message Box, Notepads, Internet Browser වගේ ඕනෑම තැනක දැන් ඔයාට සිංහල Voice Typing කරන්න පුලුවන්.. දැන් ඔයාට තියෙන්නේ ෆෝන් එකට කියන්න විතරයි. දැන් බලමු කොහොමද සිංහල Voice typing කරන්නෙ කොහොමද කියල.

ඉස්සෙල්ලම Voice type කිරීමට අවශ්‍ය තැනට යන්න. දැන් අකුරු  type කරන තැන උඩ ටච් කරන්න. දැන් මේ කොළපාටට පෙන්වල තියෙනවා වගේ Cursor මාර්ක් එකක් පෙන්නාවි. 


දැන් ඒ Cursor ලකුණ පෙන්නුවට පස්සේ ඔයාගේ ෆෝන් එකේ Notification bar එකට යන්න. දැන් notification bar එකේ තියෙන Choose input method කියන එක උඩ ටච් කරන්න.


දැන් එන List එකෙන් Gboard කියන එක මේ විදිහට තෝරන්න.


අපිට Notification පැනල් එකට යන්නේ නැතිව Gboard එක තව ක්‍රමයකට Open කරගන්න පුලුවන්. මේ විදිහත් ඉතින් නිකමට වගේ දැනගෙන ඉන්න. දැනුම කියන දේ ඉතින් වටිනවනේ.. ඔයා ෆෝන් එකේ තියෙන Settings වලට යන්න.


දැන් Settings වල තියෙන Language and input කියන එක හොයාගන්න.


දැන් එකේ ඇතුලෙ තියෙන Keyboard and input methods කියන එකේ තියෙන Gbord කියන එකට මේ විදිහට ටික් එක දාගන්න. ( අපි Notification bar එකෙන් ගිහිල්ලත් කරන්නෙ මේ දේමයි. ඒක මෙතැනට එන Short cut එකක්. )


 ඔන්න දැන් අපි Default Keyboard එක විදිහට Gboard එක තෝරාගෙන ඉවරයි. දැන් ඉතින් Type කරන්න ඕනි තැනට යන්න. දැන් අපිට Type කරන්න එන්නෙ Gboard එක. දැන් Gboard එකේ Language එක English විදිහට වැටිලනම් Keyboard එකේ යටින්ම තියන තීරුවෙන් සිංහල වලට මාරු කරගන්න. දැන් Keyboard එකේ ඉහල කෙලවරේ දකුණු පැත්තෙ තියෙන මයික් එක උඩ ටච් කරන්න.

දැන් මේ විදිහට Listening.. කියල පෙන්වනකොට ඔයාට ටයිප් කරගන්න ඕනි දේ කියන්න. 


දැන් ලස්සනට ඔයා කියන දේ Type වෙනව පෙන්නයි. ( මේ විදිහට ටයිප් වෙන්න නම් අනිවාර්යයෙන්ම Data On කර තිබිය යුතුයි. )

මේ විදිහට Type වෙන්නෙ නැති අයට  තමයි මේ ටික..

මම මුලදී කිව්ව වගේ Lollipop වලින් පහල OS තියෙන අය බොහොමයකගේ මේ විදිහට Gboard එක හරහා type වෙන්නෙ නෑ. ඒකට බලපාන ප්‍රධානම හේතුව තමයි Gboard Keyboard settings වල තියෙන Languages කියන තැනට සිංහල භාෂාව දීල නැතිකම. ( මම මේක Type කරන මොහොතෙදි පවා සිංහල Language එක දීල නෑ. ඒත් අනාගතයේ Update එකකින් සිංහල භාෂාව ලැබේවි. ) ඒ අයට කියන දේ ටයිප් වෙන්නෙ මෙන්න මේ විදිහට.


 එත් අපිට මේ Gboard එක නැතත් සිංහල Voice ටයිප් කරන්න පුලුවන්. මොකද අපිට දැනටමත් Voice Typing කියන එකට සිංහල ලැබිල තියෙනවා. උඩදී අපි Voice typing කියන එකට සිංහල Language එක දාගත්ත මතක ඇති නේ.. අන්න ඒක තමයි මම මේ කියන්නේ. Gboard එකේ Languages වල සිංහල නැති උනාට Voice Typing කියන එකට සිංහල දිල තියෙනවනම් ඔයාට Google Voice typing එක භාවිතයෙන් අර විදිහටම සිංහල Voice typing කරගන්න පුලුවන්. අපි බලමු කොහොමද ඒක කරන්නෙ කියලා.


අපි කලින් කියපු විදිහට Notification bar එකට ගිහිල්ල හෝ  Settingsවල තියෙන Language and input කියන එකට ගිහිල්ල මේ විදිහට  Google Voice typing කියන තැනට ටික් එක දාගන්න.
දැන් ටයිප් කරන්න ඕනි තැනට ගිහයම Default කී බෝඩ් එක විදිහට පෙන්වන්නෙ  Google Voice typing එක. දැන් ඔය පේන මයික් එක උඩ ඔබල ටයිප් කරගන්න අවශ්‍ය දේ කියන්න විතරයි තියෙන්නේ..





















0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Best Web Host