Wednesday, August 16, 2017

ඔයාගෙ Phone එක 3D Hologram projector එකක් කරමු.


  අද මම කියල දෙන්න යන කතාව අලුත් දෙයක් නම් නෙවෙයි. මීට අවුරුදු දෙක තුනකට කලින් ගොඩක් අය trend එකක් විදිහට කරපු දෙයක්. අලුත් කලාත්මක දේවල් වලට ගොඩක් ආස කරන කෙනෙකුට මේකෙන් සුපිරි අත්දැකීමක් ගන්න පුලුවන්. මෙහිදී සිදුවන්නේ ආලෝක කදම්භ මඟින් ත්‍රිමාණ දාර්ශන මැවීමක්. එහෙමත් තේරුනේ නැත්නම් මෙහෙම කියන්නම්. ඔයාගෙ ෆෝන් එකේ තිරේ උඩ පියාඹන සමනළයෙක් ඇත්තටම අවකාශයේ පියඹනවා වගේ පෙන්නන්න මේකෙන් පුලුවන්. ඒ වගේම මේක හදාගන්න විදිහත් හරිම සරලයි. වැඩි කතා නැතිව අපි බලමු මේක හදාගන්නේ කොහොමද කියලා.

මොනවද අපිට අවශ්‍ය ද්‍රව්‍ය 

  1. ප්‍රස්ථාර කොලයක් ( අත්‍යවශ්‍යම නැත. )
  2. විනිවිද පෙනෙන ප්ලාස්ටික් CD කවරයක් හෝ ලැමිනේටින් පවුච් එකක් ( පහසුවෙන් කැපිය හැකි විනිවිද පෙනෙන  ඕනෑම  තරමක් ඝණකම් ද්‍රව්‍යක්, භාවිතා කළ හැකියි. )
  3. මාර්කර් පෙන් එකක්. ( ප්ලාස්ටික් උඩ ලියැවෙන ඕනෑම පෑනක් )
  4. කෝණමානයක් හා අඩි කෝදුවක්.
  5. කතුරක් හෝ Paper Cutter Knife එකක්.
  6. සෙලෝටේප් හෝ සුපර් ග්ලූ 
  7. ස්මාර්ට් ෆෝන් එකක්.
01. ඉස්සෙල්ලම කෝණමානය හා අඩිකෝදුව භාවිතා කරල මෙහි  සඳහන් කරල තියෙන කෝණයන් හා පාදයන්ගේ මිමි ඒ විදිහටම ප්‍රස්ථාර කොලයක ලකුණු කරගන්න. 


02. දැන් ඒක මේ විදිහට කපාගෙන වෙන්කරගන්න.


03. දැන් ඒ කපාගත්තු කොටස බ්ලොක් එකක් විදිහට භාවිතා කරල ඒක විනිවිද පෙනෙන ප්ලාස්ටික් තහඩුව මත තියමින් එවැනි ආකාරයේ කොටස් 4ක් විනිවිද පෙනෙන ප්ලාස්ටික් තහඩුවෙන් කපාගන්න.



04. දැන් ඒ කපාගත්තු කොටස් හතර පිරමිඩයක් වගේ පිහිටන විදිහට සෙලෝටේප් හෝ සුපර් ග්ලූ භාවිතා කරල පහත පෙන්වල තියෙන විදිහට අලවගන්න.


05. ඔන්න දැන් අපි Hologram එක හදාගෙන ඉවරයි. දැන් ස්මාර්ට් ෆෝන් එක අරගෙන එකෙන් Youtube එකට හිහින් 3D Hologram Videos කියල type කරන්න. එතකොට ඕනි තරම් 3D Hologram Videos පෙන්නනවා. දැන් කැමති එකක් Download කරගෙන Play කරන්න. නැත්නම් Youtube එකේ ඉඳගෙනම Online Play කරගන්න. දැන් Display එකේ මැදට වෙන්න මේ හදාගත්තු පිරමිඩය තියන්න. දැන් බලන්න ඔයා Display එකේ ධාවනය කරන Video ඇනිමේෂන් එක ත්‍රිමාණව ලස්සනට පිරමිඩ් එකේ මැද අවකාශයේ පෙන්නන හැටි. ( වටේ පරිසරය අඳුරු කරල මෙය ධාවනය කිරීමෙන් ගොඩක් ලස්සනට පැහැදිලිව මේ දේ බලාගන්න පුලුවන්.. පරිසර ආලෝකය වැඩිවෙනකොට මේක පෙනන ප්‍රමාණය අඩුයි. අපැහැදිලියි. )



ඔබගේ පහසුව පිණිස 3D Hologram Videos කිහිපයක් මම පහතින් ඉදිරිපත් කරන්නම්..



0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Best Web Host