Wednesday, May 25, 2016

Phone එකේ Settings වල Background එකට කැමති පින්තූරයක් දමමු / කැමති විදිහට පාට කරගමු.




ආයුබෝවන් යාලුවෝ හැමදෙනාටම. අද මම ඔයාලට කියල දෙන්න යන්නේ ඔයාලගෙ Phone එකේ Setting වල තියෙන කලුපාට Background එක වෙනුවට කැමති පින්තූරයක් හරි, කැමති පාටක් හරි දාගන්න විදිහ ගැන. මේ වැඩේට අපි යොදාගන්නෙ XBlast Module App එක . කලින් Post වලින් කියල දුන්නා වගේ මේක කරන්න කලින් Android phone එක Root කරලා Xposed Framework එක Install කරල එක Active කරල තියෙන්න ඕනි.


XBlast App එක මෙතැනින් ගන්න.

දැන් XBlast App එක Install කරගන්න. ( App එකක් Install කරගන්න විදිහ මෙතැනින් බලන්න.)


XBlast App එක Install කලාට පස්සෙ එක Open කලාට වැඩක් නෑ. Xposed Framework එකෙන් එක Active කරගන්න වෙනවා. ඒකට ඔය ඉහළ රූප සටහනේ පෙන්නල තියෙන විදිහට Xposed Installer එක නොහොත් Xposed Framework එක මුලින්ම Open කරගන්න.


දැන් ඒකෙ Modules කියන එකට යන්න.


දැන් ඒ Modules කියන ටැග් එක යටතේ මේ විදිහට XBlast Tool කියන එක පෙන්නාවි.


දැන් XBlast Tools කියන එකට ඉහළින් පෙන්නල තියෙන විදියට ටික් එක ( හරි ලකුණ ) දාගන්න.


දැන් Phone එක Restart කරගන්න.

ඔන්න දැන් තමයි අපි Phone එකේ වෙනස්කම් සිදුකරන්න යන්නේ.අපි මෙතෙක් වේලා කලේ XBlast ටූල් එක Active කරගන්න එක.

ඉස්සෙල්ලා බලමු කොහොමද Setting වල Background එකට පින්තුරයක් දාගන්නේ කියලා. මම දැන් පියවරෙන් පියවර මේක කරන විදිහ විස්තර කරන්නම්.


XBlast Tool App එක Open කරගන්න.


ඒකෙ තියෙන Visual Tweaks කියන එක ඔබන්න.


ඊට පස්සෙ Holo Theme කියන එකට යන්න.


දැන් මේ Holo Theme කියන එකට ගියාට පස්සෙ ඒකෙ යටතේ තියෙන Dark Theme හෝ Light Theme කියන දෙකෙන් එකකට යන්න. මම තෝරගත්තේ Dark Theme කියන එක.


දැන් Enable Holo Dark Background කියන එකට යන්න.


දැන් එකට මේ විදියට ටික් එක දාන්න. ටික් එක දැම්මට පස්සෙ තමයි Holo Dark Background Image කියන එක Enable වෙන්නේ.


දැන් කොළපාට රවුමෙන් පෙන්නල තියෙන විදියට Holo Dark Background Image කියන එක තෝරන්න.


ඊට පස්සෙ ඔයාලට අවශ්‍ය පින්තූරය Gallery එකට ගිහින් සොයාගන්න.


දැන් අවශ්‍ය පින්තූරය තෝරාගන්න.


දැන් Crop Picture කියන එක තෝරල අවශ්‍ය විදිහට පින්තූරය කපාගන්න.


දැන් පින්තූරය අවශ්‍ය විදිහට කපාගෙන Done කියන එක ඔබන්න.


දැන් Crop කර ගත්ත පින්තූරය මේ විදිහට Save වේවි.


ඊට පස්සෙ Phone එක Restart කරගෙන Phone එකේ Settings වලට ගිහින් බලන්න.




දැන් Settings වල Background එකේ ඔයාල දාගත්ත පින්තූරය මේ විදිහට ලස්සනට පෙන්නාවි.


දැන් අපි බලමු Settings වල Background එකට කැමති පාටක් දාගන්න විදිහ.

දැන් කලින් විදිහටම Holo Theme වලට ගිහිල්ලා Light Theme හරි Dark Theme හරි තෝරාගන්න. මම තෝරගත්තේ Dark Theme කියන එක.


කලින් කලා වගේම Enable Holo Dark Background කියන එකට මේ විදිහට ටික් (Tick) එක දාල Enable කරගන්න.


ඊට පස්සෙ රූපයේ පෙන්වල තියෙන විදිහට Holo Dark Background Colour කියන එකට ටික් එක දාල තැඹිලි පාට පොඩි කොටුවෙන් පෙන්වල තියෙන තැන කලු පාටට තියෙන Colour Box එක ඔබන්න.


දැන් තමන් කැමති පාටක් තෝරන්න. මම තෝරන්නේ දම් පාට. දැන් අපි තෝරගත්තු දම් වර්ණය මම මේ කොටුකරලා තියෙන කොටුවෙ ඇතුලෙ පෙන්නනවා. ඊට පස්සෙ ඒ දම් පාට කොටුව උඩ එබුවම අපිට ඒ දම් පාට වර්ණය Apply කරගන්න පුලුවන්. දැන් මම ඒ දම් පාට කොටුව ඔබල ඒ වර්ණය මගේ Settings වල පසුබිම් වර්ණය ලෙස තෝරාගන්නවා.


දැන් ඔයාලට පේනවා නේද Holo Dark Background Colour කියන තැන තියෙන කොටුව දම් පාටට පෙන්නන හැටි.


දැන් තියෙන්නෙ Phone එක Restart කරලා බලන එක. දැන් Phone එක Restart කරලා Settings වලට ගිහින් බලන්න ඔයා තෝරගනිපු පාට එතැනට වැටිල තියෙන හැටි.


දැක්ක නේද? තෝරගනිපු පාට වැටිල තියෙන හැටි. අන්තිමට මේකත් කියන්න ඕනි. ඔයාට අපහු ඕන උනොත් Phone එක මුල් විදිහට ගන්න, මම මේ පහළ රූප සටහනින් පෙන්නල තියෙන විදිහට Enable Holo Dark Background කියන එකට දාල තිබුණු ටික් (Tick) එක අයින් කරලා Phone එක Restart කරගන්න


දැන් ආයිමත් Phone එක මුලින්ම තිබුණු විදිහට පත්වේවි. 

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Best Web Host