Saturday, October 1, 2016

ඔබේ කුඩා දරුවා ඔබගේ දුරකථනය ඉල්ලා කරදර කරනවද? ඔහුගේ අතට දුරකථනය දීම ඔබට ගැටලුවක්ද? එසේනම් මෙන්න එකම විසඳුම...



          ඔබ දුරකථනය අතැතිව සිටින මොහොතක් පාසා ඔහු ඔබට කොතරම් ඇවටිලි කර ඇත්ද? නමුත් ඔබගේ දරුවා අතට එය පත්කිරීම ඔබ  අපහසුතාවයට පත්කරන කාරණාවක් බව ඔබ මෙන්ම අපත් ඉතා හොඳින් දන්නෙමු. දරුවාගේ ස්වභාවය දුරකථනය අතට ගත් මොහොතේ සිට දුරකතනයේ සෑම අස්සක් මුල්ලකම පරික්ෂා කිරීමය. එහිදී ඔහුගේ අනවබෝධය නිසා ඔහු අතින් ඔබගේ දුරකතනයේ ගබඩා කොට ඇති වටිනා ඡායා රූප, වටිනා දත්තයන් ආදී නොයෙකුත් දේ ඔහුගේ අතින් අස්ථාන ගත වීමේ ප්‍රවණතාව ඉතා වැඩිය.  එම නිසා ඔබගේ සිතෙහි ඇති බිය ඉතා සාධාරණය. නමුත් ඔබගේ දරුවාට ඔබගේ බිය කිසිසේත්ම අදාළ නැත. ඔහු සෑම විටම දකින්නේ ඔහුගේ අවශ්‍යතාවය පමණි. ඔබ සහ දරුවා අතර පවතින මෙම දුරස්භාවය නැතිකිරීම සඳහා ඇති කදිම පිළිතුර මෙයම බව මෙය භාවිතා කිරීමේදී ඔබටම වැටහෙනු ඇත.
            මෙය අන් කිසිවක්  ගැන නොව Play Store එකෙහි පවතින Kids Place නම් App එක පිළිබඳවයි. 


මෙම ඇප් එක මගින් ඔබට අවශ්‍ය ඇප්ස් පමණක් දරුවාට භාවිතා කිරීමට හැකි පරිදි සැකසීමට හැකිවීම, ළමයාට භාවිතා කිරීමට වෙනම User Account එකක් හෙවත් ගිණුමක් නිර්මාණය කර දීමට හැකිවීම, තෝරාගත් Apps පමණක් දරුවාට දර්ශනය කරවීම, දරුවාට දුරකථනය භාවිතා කිරීමට නිශ්චිත කාලයක් ලබාදී එම කාලයෙන් පසු ස්වයන්ක්‍රියවම දුරකථනය Lock වීමට සැලැස්වීම ආදී බොහෝ දේ ඔබට සිතැඟි පරිදි මෙම App එක හරහා ඔබට ඉටුකරගතහැකිය. ඔබට  App එක Play Store එක හරහා නොමිලේ Download කරගත හැකියි. තවද ඔබට පහතින් දී ඇති Link එක හරහා ද මෙය Download කරගත හැකියි.

මෙතැනින් Download කරගන්න.

මේ Video එකත් බලලම ඉන්න.
















0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Best Web Host