Monday, October 3, 2016

Phone එක නැති උනාද? තියෙන තැනකින් හොයාගන්න බැරිද? එහෙනම් හතරවටේම දුවන්නෙ නැතිව Computer එක ලඟට දුවන්න..



මේ ලිපිය දාන්න හේතුපාදක වුනේ  ගොඩක් අය තවම මේ දේ පිළිබඳව හරියටම දැනුවත් වී නැහැ කියල පෙනුණු නිසා. ෆෝන් නැති උනාම ඒක හොයාගන්න පුළුවන් කම තියෙන්නේ නැති වුන Phone එක iPhone එකක් නම් විතරයි කියන මානසිකත්වෙන් ඉන්න අය හුඟක් ඉන්නවා. ඇත්තටම ඒක වැරදියි. Phone එක හොයාගන්න iPhone වල තියෙන්නෙ  Find My iphone කියල එකක්. Android දුරකථනයේ තියෙන්නේ, Android Device Manager කියන එකක්.. අපිට මේක භාවිතා කරල, (මේ හැමදේම කරන්න Phone එකේ Data ON කරල තියෙන්න ඕනි.)
  • නැතිවුණ Phone එකේ තිරය මතට Message එකක් යවන්න. 
  • Number එකක් දීල එකට Call ගන්න කියන්න. 
  • Phone එකට Password එකක් දාල Lock කරන්න.
  • Phone එක Ring කරවන්න. ( ළගපාතක තියෙනවනම් හොයාගන්න පුළුවන් නියම වැඩේ තමයි මේක.)
  • Phone එක තියෙන්නෙ කොහෙද කියල Map එකෙන් බලන්න.
  • Phone එකේ තියෙන දේවල් සදහටම අයින් කරල දාන්න. ( මේ ක්‍රමයෙන් ඉවත් කරන්න පුළුවන් Phone එකේ Inbuilt Storage එකේ දත්ත විතරයි. Micro SD Card එකේ දත්ත ඉවත් වන්නේ නෑ. )
                                           වගේ දේවල් රාශියක් කරගන්න පුළුවන්.

අපි බලමු කොහොමද මේ දේවල්  කරගන්නේ කියලා..

ඔයාල අලුතෙන් Phone එකක් ගන්නකොට ඉස්සෙල්ලම Settings >> Security වලට ගිහිල්ල Android Device Manager කියන එකට Tick එකක් දාල Active කරගන්න. 


අලුතෙන් එන ගොඩක් ෆෝන් වලට මේ Option එක එනවා. මේක ෆෝන් එකේ නැත්නම් Play Store එකට ගිහින් Android Device Manager කියන App එක Download කරගන්න.


දැන් ඔයාගෙ Computer එකෙන් Phone එකට දාල තියෙන Google Account එකට Log වෙන්න. ( අනිවර්යයෙන් Phone එකට දාල තියෙන Gmail Account එකම දෙන්න. )

දැන් Browser එකේ වෙනම Tab එකක් Open කරගෙන Google Search වලට ගිහින් Where's my phone කියල Type කරල Search කරන්න. ඊට පස්සේ මෙන්න මෙහෙම පෙන්නාවි.

බලන්න මගේ Phone එකේ Model NO. එක SHV-E210K කියල පෙන්නනවා. දැන් ඔය පේන Message එක Allow කරන්න. ඊළඟට මෙහෙම පෙන්නාවි.



මේ Ring කියන Icon එකෙන් අපේ Phone එක Ring කරවන්න පුළුවන්.


මේ Lock කියන එකෙන් අපේ Phone එකට Password එකක් දාල Lock කරවන්න පුළුවන්. ඒ වගේම Recovery Message කියන තැන අපි Type කරන Message එක Display එකේ පෙන්නනවා. Phone Number කියන තැනට ඕනි නම් ඔයාව Contact  කරගන්න පුළුවන් Number එකක් දෙන්න. ඊට පස්සේ Lock කියන එක ඔබල Lock කරගන්න. ඊටපස්සේ ඔයාගේ ෆෝන් එක මොන දිපන්කරේ තිබ්බත් Automatically Lock වෙලා ඔයා Type කරපු Message එකයි. දීපු නොම්මරේට Call ගන්න පුළුවන් Icon එකකුයි විතරක් මෙන්න මෙහෙම පෙන්නනවා. 


Erase කියන එකෙන් අපිට Phone එකේ තියෙන Data සියල්ලම මකල දාන්න පුළුවන්.  Erase කරන වෙලාවෙදි ෆෝන් එකේ Data ON කරල තිබුනොතින් එවලෙම Erase වෙනවා.එහෙම නැත්නම් Data ON කරපු වෙලාවකදි  Erase වෙලා යනවා. 


දැන් බලමු ඉන්න තැන හොයාගන්නේ කොහොමද කියලා.. ඒකට Data විතරක් ON කරල තිබීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නෑ. එකට Location එක මේ විදිහට ON කරල තියෙන්න ඕනි.


ඊටපස්සේ Computer එකෙන් මේ පහළ පෙන්නල තියෙන Icon එක ඔබල Phone එක තියෙන තැන Search කරගන්න. 


තත්පර ගාණකින් Phone එක තියෙන තැන මේ විදිහට හරියටම පෙන්නාවි.



0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Best Web Host