Saturday, October 1, 2016

ෆෝන් එක නැති උනාද?, කවුරුහරි ඉස්සුවද? එන්න එහෙනම් බඩුත් එක්ක හොරු අල්ලන්න...


     ඔන්න මන් අද කියල දෙන්න යන්නේ බාල මහලු කොයි කාටත් ඉතා වටිනා කාරණාවක්. බොහෝ දෙනෙක්  මෙහෙම දෙයක් තියෙනව කියල දන්නව උනාට  කොහොමද මේ දේ හරියටම පිළිවෙලට කරන්නේ කියල දන්නේ නෑ. හිතන්න ඔයාල ගමනක් බිමනක් යනකොට ඔයාලගේ ෆෝන් එක නැතිවුනා කියලා. ෆෝන් එක ඇහිදපු එක්කෙනත් ඔයාට එක  දුන්නේ නෑ. එහෙම නැත්නම් ඔයා පොඩ්ඩක් එහෙට මෙහෙට වෙනකන් ඉදල  රොබරියක් දුන්න කියල හිතන්න. දැන් ඔයාට ඕනෙ මේක උස්සපු එකත් එක්ක ෆෝන් එක හොයාගන්න, කොහොමද මේ දේ කරන්නේ.. හැබැයි මේකට ඉවසීමක් තියෙන්න ඕනේ. මේක සතියෙන් දෙකෙන් හොයාගන්න බෑ. මාස කීපයක් ගතවෙනවා.. හැබැයි වැඩේ නම් Sure.

මෙන්න මෙහෙමයි  කරන්නේ... 


  • ඉස්සෙල්ලම අදාල දුරකථන සමාගමේ පාරිභෝගික සේවා අංශයට ( කස්ටම් කෙයා එකට ) කතාකරල Sim එක විසන්ධි කරගන්න.
  • ඊට පස්සේ ළගම තියෙන පොලිස්  ස්ථානයට ගොස් පැමිණිල්ලක් දමන්න.
  • දැන් ඔබේ පැමිණිල්ලේ පිටපතක් සහිතව තම දුරකථනය නැති වූ බවත් එය සොයාදෙන ලෙසත් ඉල්ලා විදුලි සංදේශන නියාමක කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක තුමන්ට පැමිණිල්ල ලිඛිතව ලියා සතියක් ඇතුලත ( හැකිතාක් ඉක්මනට  ) ඉදිරිපත් කරන්න.
  • මෙහිදී ඔබගේ නැති වූ දුරකථනයේ IMEI අංකයද ඉදිරිපත්  කිරීම අනිවාර්ය වේ. ඔබට යම් හෙයකින් IMEI අංකය සොයාගැනීමට නොහැකි වුවහොත් ඔබ කළ යුත්තේ දුරකථනය නැතිවන අවස්ථාවේදී එයට යොදා තිබූ Sim පතේ Number එක ලබාදීමයි. ( ඔබේ දුරකථන අංකය )

ලිපිනය :   විදුලි සංදේශන නියාමක කොමිෂන් සභාව
                 අංක 276,
                 ඇල්විටිගල මාවත,
                 කොළඹ 


 දුරකතනය TRCSL ( විදුලි සංදේශන නියාමක කොමිෂන් සභාවේ  ) ලියාපදිංචි වී ඇත්දැයි දැනගැනීමට,

IMEI[sapace]දුරකතනයේ imei අංකය type කර 1909 ට යවන්න.




0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Best Web Host