Monday, November 6, 2017

Facebook, Messenger විඩියොස් Download කරමු...




   Facebook එකේ, Messenger එකේ තියෙන වීඩියෝ Download කරගන්න පුලුවන් තවත් ආකාරයක් ගැන අපි මිට කලින් කතා කලාඒ ගැන ආපහු බලන්න ඕනි නම් මෙතැනින් යන්න.

දැන් අපි අද කතාකරන්න යන්නෙ ඉතාම පහසුවෙන් කාර්යක්ෂම විදිහට Facebook, Messenger වීඩියෝ Download කරගන්න පුලුවන් තවත් ආකාරයක් ගැන. ඒ සඳහා අපි භාවිතා කරන ඇප් එක තමයි Video Downloader for Facebook කියන ඇප් එක. දැන් අපි බලමු මේ ඇප් එකෙන් වීඩියෝ Download කරගන්න විදිහ ගැන.

ඉස්සෙල්ලම Play store එකෙන් Video Downloader for Facebook කියන ඇප් එක Download කරගන්න.



Video Downloader for Facebook ඇප් එක මෙතැනින් Download කර ගන්න.

දැන් අපිට මේ ඇප් එකේ මුලින්ම Instructions ටිකකින් පෙන්නනවා. නිවැරදිව Facebook, Messenger විඩියෝස් Download කරගන්න විදිහ ගැන. එකේ පෙන්වන විදිහට
1. පළමුව Browse Facebook කියන එක උඩ Click කරන්න.
2. දෙවනුව ඔයාගේ Facebook Account එකට Log වෙන්න.
3. තෙවනුව ඔබට Download කිරීමට අවශ්‍ය Video එක Play කරන්න.
4. දැන් එතන Download කියලා පෙන්වන එක අයිකන් එක Click කරලා Video එක Download කරගන්න.

දැන් අපි බලමු මේක ප්‍රායෝගිකව කරන්නෙ කොහොමද කියලා.

ඇප් එක Open කලාම ඉස්සෙල්ලම එන්නෙ මෙන්න මේ වගේ Instructions මෙනු එකක්. එකේ යටින්ම තියෙන Got it කියන එක Click කරන්න.


දැන් එන ඊළඟ Menu එකේ Browse Facebook කියන එක Click කරන්න.


දැන් මේ විදිහට Email එක සහ Password එක දීලා ඔයාගේ Facebook Account එකට Log වෙන්න.


දැන් ඔයාගෙ Facebook එකේ තියෙන Download කරගැනීමට අවශ්‍ය Video එක Play කරගන්න. මම නම් තෝරාගත්තේ Messenger එකේ තියෙන Video එකක්.


දැන් ඒ Video එක මේ විදිහට තෝරාගෙන Play කරන්න.


දැන් Video එක Play වෙනකොට ඒ Video එකට යටින් මේ විදිහට Message එකක් ඒවි. දැන් අපිට තියෙන්නේ Download කියන එක Click කරන්න විතරයි. ඊට පස්සේ ඉබේටම Video එක Download වෙනවා.


ඊළඟට Gallery එකට ගිහින් බලන්න. අපි Download කරගත්තු Video එක එතන ලස්සනට Save වෙලා තියෙනවා පෙන්වනවා..

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Best Web Host