Friday, March 25, 2016

Andorid සංස්කරණයන් ගැන ඉගෙන ගනිමු




  අද මම මේ Post එකෙන් කියල දෙන්නේ ගොඩක් දෙනෙක් හොදට අහල තියෙන එත් ඒ ගැන හරියටම අවබෝධයක් නැති කාරණාවක් ගැන. අපි යාලුවොත් එක්ක ඉන්න කොට කවුරුහරි තව යාලුවෙක් Android Phone එකක් ගත්තම අනිත් අය අහනවා මොකක්ද මචන් Phone එකේ Android Version එක. එහෙම නැත්නම් Android OS එක. එතකොට යාලුවා කියනවා මචන් මට තියෙන්නෙ Jelly Bean එකක්. නැත්නම්... මට තියෙන්නෙ Android 4.1.2 Jelly Bean Version එකක් කියලා. 
  ඇත්තටම මම මේ Post එකෙන් උත්සාහ කරන්නේ දැනට නිපද වූ මෙම Android සංස්කරණයන් ගේ අනුපිළිවෙල සහ අනාගතයේ බිහිවීමට නියමිත නව සංස්කරණයන් පිලිබඳ පුරෝකථනය කිරීමේ හැකියාවක් ලබාදීමටයි.
  Android කට්ටිය එයාලගෙ අලුත් සංස්කරණයක් නම් කිරීමේදී ප්‍රධාන කාරණාවන් දෙකක් කෙරෙහි විශේෂ අවධානය යොමුකරනවා. එකක් තමයි මෙයාල අලුත් සංස්කරණයන් නම් කරන්නේ ඉංග්‍රීසි හෝඩියේ අකුරු අනුපිළිවෙලට. අනිත් එක තමයි යොදන නම ලෙස භාවිතා කරන්නේ අතුරුපස වර්ගයක නමක් හෝ Sweet ජාතියක අපේ භාෂාවෙන් කියනවනම් පැණිරස වර්ගයක නමක්.


  දැන් ඉහත රූපසටහනෙන් පේනවා නේද? අනුපිළිවෙල. අපි දැනටමත් දන්නවා KitKat වලට පස්සෙ ආවේ L අකුරෙන් පටන්ගන්න Lolipop (ලොලිපොප්) කියන සංස්කරණය.

ඊට පසුව අවේ M අකුරෙන් පටන් ගන්න Marshmalow (මාර්ෂ්මෙලෝ) කියන නව සංස්කරණය.


  දැන් ඔයාලට හිතාගන්න පුලුවන් නේද? ඊළඟට බිහිවෙන නව සංස්කරණය පටන් ගන්නෙ මොන අකුරෙන්ද කියලා. අන්න හරි.. N අකුරෙන් පටන් ගන්න නමක් තමයි එන්නේ.

දැන් ඒ කතාව හරි. මම තව පොඩි දෙයක් කියල දෙන්නම්. ඉස්සෙල්ලාම පහළ තියෙන රූපසටහන හොඳට බලලා ඉන්න.


හොඳට බලන්න Jelly Bean 4.1.X කියල තියෙනවා. KitKat 4.4.X කියල තියෙනවා ඇත්තටම මොනවද මේවා. මේව තමයි දීල තියෙන Android සංස්කරණයේ යාවත්කාලීනවීම් සිදුවන පරාසය. Jelly Bean වල 4.1 වල සිට 4.3 දක්වා Updates නිකුත් වෙනවා. ඊට පසුව පටන් ගන්න 4.4. Updates නිකුත්වන්නේ KitKat කියන සංස්කරණය සඳහා. දැන් කවුරු හරි කෙනෙක් කිව්වොත් මචන් මට තියෙන්නේ 4.1.2 එකක් කියලා,අපි දන්නවා දැන් කියන්න ඒක Jelly Bean එකක් කියලා.

කොහොමද Phone එකේ Android සංස්කරණය හොයාගන්නේ..

Setting >> More >> About Device වලට ගිහින් හොයාගන්න පුලුවන්.


About device කියන එක උඩ Touch කරාම මේ පහළ රූපයේ තියෙන විදිහට පෙන්නනවා. එකෙන් බලාගන්න පුලුවන් මොකක්ද Version එක කියලා.


ඔය Android Version කියන එක උඩ එක දිගට හය හත් සැරයක් Touch කර කර ඉන්නකොට අපිට එයාලගේ Logo එකත් මේ විදිහට බලාගන්න පුලුවන්.



0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Best Web Host