Friday, March 18, 2016

මොනවද? මේ Kernal (කර්නල්)

ඔබ ඔබේ Android දුරකථනයට අලුතින් දේවල් එකතු කරන්න හැමවිටම උත්සාහ කරන කෙනෙක්නම් ඔබ නිතැතින්ම කර්නල් කියන වචනය අහල ඇති. ඇත්තටම මේ කර්නල් කියන එක Android  වලට විතරක් සීමාවූ එකක් නෙවෙයි. IOS සහ MacOS වලට, Windows වලට, BlackBerry වල QNX වලට වෙන වෙනම Kernal තියෙනවා.මෙන්න මේ වගේ ඉහළ පෙළේ Operating Systems වලට Kernal භාවිතා වෙනවා.මේ අතරින් Linux මත පදනම් වූ Kernal එකක් තමයි Android සඳහා භාවිතා කරන්නේ. මෙම Kernal ලියනු ලබන්නේ දුරකථනයේ ඇති Hardware වලට අනුව නිසා එකම වෙළඳ නාමය යටතේ නිෂ්පාදනය කරන දුරකථනවල පවා දුරකථනයේ Model No. එක අනුව මෙම kernal එක එකිනෙකට වෙනස් වෙනවා. ඒ කියන්නේ එක් දුරකථනයකට ලියූ Kernal එකක් තවත් දුරකථනයක් සමඟ වැඩ කරන්නෙ නෑ. අපි බාහිරව අපේ දුරකථනයට අලුතෙන් Kernal එකක් හෙවත් Custom Kernal එකක් ඇතුලත් කරනවනම් දුරකථනයේ Model No. එකට ගැළපෙනම Kernal එක තෝරා ගත යුතුයි. නැත්නම් ඉතින් Flash කලාට පස්සෙ දුරකථනය On වෙන්නෙ නැතිවෙයි, Bootloop වෙයි, දුරකථනය ඔන් උනත් Camera On වෙන්නෙ නැති වෙයි. දුරකතනයේ Speakers ඇහෙන්නේ නැතිව යයි. මේ වගේ විවිධ ලෙඩ ඒවි.

ඇත්තටම Kernal එකෙන් වෙන්නෙ මොනවද?

මේ Kernal එක අපේ දුරකථනයට අත්‍යවශ්‍ය අංගයක්. දුරකථනයේ Software එකෙන් දෙන විධානයක් මඟින් Hardware කොටසක් ක්‍රියාත්මක කරගැනීමට අවශ්‍ය ඉල්ලීම මුලින්ම Software එකෙන් යන්නේ Kernal එකට. ඊට පස්සෙ Kernal එක Hardware කොටසට කියල ලස්සනට ඒ වැඩේ කරල දෙනවා. 
තේරුනේ නෑ නේද?
  මෙහෙමෙ හිතන්න. ඔයා ඔයාගේ Phone එකේ Bluetooth On කරන බොත්තම එබුව කියලා. එතකොට ඔයා Touch කරපු තැන හරියටම ඔයාගේ දුරකථනයේ තියෙන Software එකෙන් දැනගන්නවා. ඊට පස්සෙ Software එක Kernal එකට කියනවා. එතකොට Kernal එක හරියටම ඒ පණිවිඩය හඳුනාගෙන Hardware කොටසෙ ඇති Bluetooth IC එක On කරල අපිට Bluetooth පහසුකම ක්‍රියාත්මක කරලා දෙනවා.
අපි තව එකක් ගනිමු. ඔයාට ඕනි වෙනවා ඔයාගේ Phone එකේ Brightness අඩු හෝ වැඩි කරගන්න. දැන් ඔයා Brightness අඩු හෝ වැඩි කරනකොට ඔයාගේ Phone එකේ Software එක දැනගන්නවා ඔයා හරියටම කලේ මෙන්න මේ දේ කියලා.. දැන් එයා Kernal එකට කියනවා. Kernal එක මඟින් දුරකථනයේ Display එකට එන විදුලි ධාරාව අඩුවැඩි කරීමට අදාල දෘඩාංග කොටස් හෙවත් Hardware කොටස් (Processer, LED Driver IC අදිය) ක්‍රියාත්මක කරවලා,අපිට අවශ්‍ය විදිහට Brightness එක අඩු වැඩි කරලා දෙනවා.
  දැන් ඉතින් කෙටියෙන්ම කිව්වොත් Kernal එකක් කියන්නේ දුරකථනයේ Software සහ Hardware එකිනෙකට සම්බන්ධ කරන අතරමැදි වැඩසටහනක් කියල ඔයාලට තේරෙනවා ඇති. දැන් පහළින් තියෙන රූපයත් හොඳින් බලන්න. දැන් තවත් පැහැදිළි වෙයි. ඇත්තටම මේක ලොකු කතාවක් මේ සරලව පැහැදිළි කලේ.




0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Best Web Host