Wednesday, March 16, 2016

මොනවද? මේ Stock Rom සහ Custom Rom කියන්නේ...




Stock Rom කියන්නේ මොනවද?


  සරලවම කියනවනම් Rom එකක් කියල මෙතන අදහස් කරන්නේ Android OS එක නොහොත් Android මෙහෙයුම් පද්ධතිය. දුරකථන සමාගමකින් දුරකථනයක් නිෂ්පාදනයේදී එයට ඇතුලත් කර එවන මෙහෙයුම් පද්ධතියට තමයි අපි Stock Rom එක කියල කියන්නේ. එකියන්නේ ඔයාල කඩෙන් අරන් දැනට භාවිතා කරන ඔය දුරකථනයෙත් තියෙන්නෙ Stock Rom එකක්. 
  අපි දුරකථනයක් කඩෙන් අරන් ටික කාලයක් යනකොට දුරකථන සමාගම් වලින් අපිට විවිධ සංස්කරණයන් යාවත්කාලීනවීම් නොහොත් Updates ලෙස එවනවා.අපි හිතමු කඩෙන් ගන්නකොට අපේ දුරකථනයේ තිබුනේ 4.4.2 කියන KitKat සංස්කරණය කියලා. ඊට පසුව අපිට 4.4.4. කියන KitKat සංස්කරණය යාවත්කාලීන වීමක් ලෙස  ලැබෙන්න පුලුවන්. එසේත් නොමැතිනම් 5.0.1 වගේ අලුතින්ම Lolipop කියන සංස්කරණය ලැබෙන්නත් පුලුවන්. 
  මේ එවන යාවත්කාලීන වීම් සමහරවිට රටින් රටට වෙනස් වෙනවා. එක රටකට kitkat සංස්කරණයන් ලැබෙන අතරතුර තවත් රටකට තවමත් ලැබිල තියෙන්නෙ Jelly Bean සංස්කරණයන් පමණක් වෙන්න පුලුවන්. දුරකථන සමාගම් විසින් මේ විදිහට එවන Updates වලට අපි කියන්නේ FOTA ( Firmware Over The Air ) Updates කියලා. එහෙම නැත්නම් කෙටියෙන් OTA ( Over The Air ) Updates කියලත් කියනවා.

Custom Rom කියන්නේ මොනවද?

  Custom Rom එකක් කියන්නේ දුරකථන සමාගම් විසින් නිර්මාණය නොකරන, Android Developers ලා විසින් නිර්මාණය කරනු ලබන OS වලට. සාමාන්‍යයෙන් මොවුන් මෙම  OS නිර්මාණය කරනු ලබන්නේ ලාබ ඉපයීමේ කිසිදු පරමාර්ථයකින් නෙවෙයි.
කිසියම් පුද්ගලයකු Custom Rom එකක් භාවිතාකිරීමට පෙළඹීමට විවිධ හේතු තියෙනවා අපි බලමු මොනවද මේ හේතු කියලා. 
  • කෙනෙක් කඩෙන් Phone එකක් ගත්තම ටික දවසක් යනකොට එකෙන් වැඩකරන්න එපා වෙනවා. Phone එක Slow වෙනවා, රත් වෙනවා, ඉක්මනටම බැටරි බහිනවා. ඒවගේම අපිට කිසිදු ප්‍රයෝජනයක් නැති ගොඩක් Apps මේකට යොදල තියෙනවා. මේවගේ හේතු නිසා කෙනෙක් Custom Rom එකක් දාගන්න යොමුවෙනවා.
  • තව සමහර අයට Phone එකට දැනට ලැබිල නොමැති විවිධ නව පහසුකම් අත්විඳීමේ අදහසින් Phone එකට Custom Rom එකක් Flash කරගන්නවා.
  • මේ අතරෙ ඉතින් තවත් කෙනෙක්  අනිත් කෙනා Custom Rom එකක් දාගෙන ඉන්න නිසා එයත් දාගන්නවා.
  අපි අලුතෙන් Custom Rom එකක් දාගන්න යනකොට ඒ ගැන ලොකු හැදෑරීමක් කරන්න වෙනවා. නැත්නම් ඉතින් අල්ලපු අත්තත් නෑ. පය ගහපු අත්තත් නෑ. සමහර වෙලාවට Phone එක On වෙන්නෙ නැතිව යයි. නැත්නම් Bootloop වෙයි. On උනත් කැමරාව වැඩ නෑ,Data On කරන්න බෑ. Bluetooth On වෙන්නෙ නෑ. වගේ එක එක දෝෂ ඒවි. මේ වගේ දෝෂ තියෙනවට තමයි  Bugs තියෙනවා කියල කියන්නේ. ඒක නිසා Custom Rom එකක් දාගන්න කලින් ඒ Rom එක Phone එකට හරියටම ගැළපෙනවද, මේක Bugs තියෙන Rom එකක්ද, මේ Rom එක නිවැරදිව Flash කරන අනුපිළිවෙල මොකක්ද? මේ වගේ හේතුකාරණා රාශියක් ගැන හොඳට දැනුවත්වීම අවශ්‍ය වෙනවා.
Custom Rom නිවැරදිව Flash කරගන්න හැටි ඉදිරිකාලයේදී Post එකකින් කියල දෙනවා.

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Best Web Host